21.7 C
Sri Lanka
Saturday, October 4, 2025
HomeUncategorizedරූමි නිසා සජිත්ට විරෝධයක්

රූමි නිසා සජිත්ට විරෝධයක්

දූෂණ අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවලට ලක්ව සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි නමැත්තා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පත් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වී තිබේ.

සභාපති ධුරයේ සිටියදී ඖෂධ අනායනය කිරීමේදී සිදු කළා යැයි පැවසෙන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංසදය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. එහිදී රුසියානු පිළිකා ඖෂධයක් අනායනය කිරීමේදී රුපියල් කෝටි 1200ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි කර ඇත.තවද මෙම වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු සභාපතාවරයා රට යෑමේ සූදනමක් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එකල පැමිණිල්ලක් ලැබී තිබිණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සිටියදී සුදු වෑන් මගින් ජනතාව පැහැරගෙන යෑමේ සිද්ධි පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන්ද අධිකරණයේ නඩුවක් විභාග වෙයි. මෙවැනි නඩුහබ ඇති පුද්ගලයකු කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර ඇත්තේ කිසිවෙකුගේ නිර්දේශයක් නොමැති බවට චෝදනා එල්ල වී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අන්දවා ඔහුද අමාරුවේ දැමීමට මෙම පුද්ගලයා කටයුතු කරනු ඇතැයි මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ. තවද ඔහු මැතිවරණයකදී මෙම පුද්ගලයා ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට පත් වීමේ බලාපොරොත්තුවක් ඇති බැවින් එය නතර කරන ලෙසද මන්ත්‍රීවරු විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments