ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන සහන යටතේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හයක මිල අඩුකර තිබේ.
ඒ අනුව වියළි මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් තිහකින් අඩුකර තිබේ, ඒ අනුව එහි නව මිල රුපියල් 1700ක්වේ, සුදුකැකුළු(දේශීය) කිලෝග්‍රෑම් එකක මිල රුපියල් දහයකින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169ක්වේ, රතුකැකුළු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් අටකින් අඩුකර තිබේ, එහි නව මිල රුපියල් 179කී.සුදුනාඩු (දේශීය) කිලෝග්‍රෑම් එකක් රුපියල් පහකින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් 184කී, රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් පහකින් අඩුකර තිබේ එහි නව මිල රුපියල් 365කී, කිරි සම්බා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් හතරකින් අඩුකර ඇති අතර එම කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 235ක්වේ.
මෙම සියලු භාණ්ඩ මෙම නව මිල ගණන් යටතේ රටපුරා තිබෙන සියලුම ලංකා සතොස ශාඛා මගින් පාරිභෝගික ජනතාවට අද (26) සිට මිලදි ගත හැකි බව ලංකා සතොස ආයතනය දන්වා සිටියි.