පොලොවෙන් මතු වූ ජීව උණ්ඩ සහ ගිණිඅවි කොටස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිුදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) ඩි.එස්. කුලසේකර මහතාගේ මඟ පෙවන්වීම මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරික්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) අක්මීමන පොලිස් වසමේ 57/c, අමල්ගම, දොලෙන් එගොඩ, හියාරේ යන ලිපිනයේ පිහිටි නිවසේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර අංක 57/c, අමල්ගම, දොලෙන් එගොඩ, හියාරේ යන ලිපිනයේ පිහිටි නිවසේ ගලි වලක් හෑරීමේදී එම වල තුල තිබී ඉටි කවරයක දමා ජීව උණ්ඩ, පතුරම් ගැබක් සහ අවියක කොටස් සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්මීමන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද එම නිවසේ හිමිකරු මේ වන විට කොරියාවේ රැකියාවක නියලෙන අතර එම පුද්ගලයා මෙය අලුතින් මිලදී ගත් ඉඩමක් බවට අනාවරණය වේ. එහිදි T56 උණ්ඩ35ක්, M16 උණ්ඩ08ක්, MPMG උණ්ඩ03ක්, 9mm උණ්ඩ06ක්, T56 මැගසින්01ක්, T56 ක්ලීනින් රොඩ් 01ක්, යකඩ අත්විලංගුවක්, අත්විලංගු කවරයක්, දිරාගිය අවියක යැයි සැක කරනු ලබන කොටස් 03ක් අත්අඩංගුවට ගෙනතිබේ.
කේරල ගංජා,දුම්කොල,සුරුට්ටු සහ සිම්පත් පාවහන් තුල සඟවා බන්ධනාගාරය තුලට රැගෙන යාමට තැත්කල පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරී යොදවා සිටින අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක පී.ටී.ඩී. නීලකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්(30) බන්ධනාගාරයේ රැඳවියන් හා කාර්ය මණ්ඩලය පරීක්‍ෂා කරන ස්ථානයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ගංජා ලග තබා ගැනිම සම්බන්ධ වරදක් හේතුවෙන් (30) තංගල්ල ගරු මහ උසාවියේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන එන ලද සැකකරු පිරිමි බන්ධනාගාරය තුලට ඇතුල් කිරිමට පෙර විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඉතා සූක්ෂම ලෙස පරික්ෂා කිරිමේ දී පැළද සිටි කළු පැහැති පාවහන් යුගලයේ අඩිය කොටස තුල ඉතාමත් සුක්ෂම අයුරින් සඟවාගෙන බන්ධනාගාරය තුලට තහනම් භාණ්ඩ රැගෙන යාමට තැත්කරන ලද වයස අවුරුදු 40 ක රැඳවියකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එහිදි දුම්කොල සුරුට්ටු 55ක්, කේරල ගංජා මිලි ග්‍රෑම් 1,640 යි,දුම්කොල ග්‍රෑම් 500ක්, හච් වර්ගයේ සිම්පත් 02ක්, අත්අඩංගුවට ගෙන තිබේ.
දේශිය වියළි ගංජා සන්තකයේ තබාගෙන ජාවාරම් කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ව්ශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) ජාඇල පොලිස්වසමේ අංක 11/1, 03 වන පටුමග, සමගි මාවත, කණුවන, ඒකල යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර
එහි දී වියළි ගංජා කිලෝ 02, ග්‍රෑම් 245 ක් හා වියළි ගංජා ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 20,500 ක්, විද්‍යුත් තරාදියක් සමඟ අයිවෙල, බිබිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.