අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට
මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකොට ඇත.
විශේෂ කාර්ය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් (31) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඹරුගොඩවත්ත ලාෆ් සුපිරි වෙළදසැල ඉදිරිපිට දී වැටලීම සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 සන්තකයේ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28, ක හා අවුරුදු 24 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
බලපත්‍ර නොමැතිව භූගත ලෝහ සෙවුම් යන්ත්‍රයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ගජසිංහපුර යුධ හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න මහතාගේ මගපෙන්වීමෙන් විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.පී.එන්. රංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) සෙට්ටිකුලම පොලිස් කන්ගන්කුලම් පාලම අසල දී වැටලීමක් සිදුකර බලපත්‍රයක් නොමැතිව යම් නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදුකිරීමේ අදහසින් යම් අන්තරාදායක ක්‍රියාවක් හෝ වරදක් සිදුකල හැකි භූගත ලෝහ සෙවුම් යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පොතුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙට්ටිකුලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විදේශිය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්.එන්. ගුණරත්න මහතාගේ මගපෙන්වීමෙන් විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.ජී.සී.පී. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) දඹුල්ල පොලිස් කිඹ්ස්ස, දඹුල්ල ප්‍රදේශයේ දී සහ පැල්වෙහෙර, වලේකඩේ හංදිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත බෝර 12 බයිකාල් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි දඹුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු හා කේරළ ගංජා ග්‍රෑම් 43 මිලි ග්‍රෑම් 828 ක් සන්තකයේ තබාගෙන සිටි පැල්වෙහෙර, දඹුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73 ක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.