29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පළමු සභාපති ශ්‍රිමත් ඩි.බි.ජයතිලක මැතිතුමාගේ ජන්මදිනය සැමරේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පළමු සභාපති ශ්‍රිමත් ඩි.බි.ජයතිලක මැතිතුමාගේ ජන්මදිනය සැමරේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පිහිටුවිමට මූලිකත්වය ගත් ඩි. බී. ජයතිලක මහතා සම්මේලනයේ ප්‍රථම සභාපති ධුරයට ද පත් විය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සමාරම්භක සභාපති ශ්‍රිමත් ඩි. බී ජයතිලක මැතිතුමාගේ ජන්ම දින සැමරුම සහ ඩි.බී. ජයතිලක අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පෙබරවාරි 13 වන දින පෙ.ව. 10.00ට සම්මේලන ශාලාවේ දි පැවැත්වේ.

ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහනායක ත්‍රිකුණාමාලයේ ආනන්ද මහනා හිමියන් මුලසුන හොබවන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සහභාගි වේ. මහාචාර්ය සුසිරිපාල මාලිම්බඩ මහතා විසින් ඩි. බී. ජයතිලක අනුස්මරණ දේශනය පවත්වනු ලැබේ.

සම්මේලනයේ වත්මන් සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ උපදෙස් පරිදි ජාතික තරුණ මණ්ඩලය මගින් සමරු ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සංවිධානය කර ඇත.මෙවර ශිෂ්‍යත්ව 25ක් ප්‍රදානය කරන බව ජාතික තරුණ මණ්ඩලයේ සභාපති උපේෂ් පෙතියාගොඩ මහතා පවසයි.

1968 පෙබරවාරි 13 වැනි දින කැලණියේ උපත ලද ඩි. බී. ජයතිලක මහතා රටට ජාතියට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ දේශප්‍රේමි නායකයෙකි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සමයේ එම අධිරාජ්‍යයේ අප රට නිදහස් කර ගැනිමට ද ඩි. බී. ජයතිලක මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේය. 1919 දෙසැම්බර් 20 වැනි දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පිහිටුවිමට මූලිකත්වය ගත් ඩි. බී. ජයතිලක මහතා සම්මේලනයේ ප්‍රථම සභාපති ධුරයට ද පත් විය.

1898 දී මෙරට බොදු පුනරුදය වෙනුවෙන් බෞද්ධ තරුණ පරපුරේ උපරිම සහය ලබා ගැනිමට කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භක කීරිමට කටයුතු කළ එතුමා මිය යන තෙක්ම වසර 44ක් එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
1902 දී පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළ අතර සිංහල ශබ්ධ කෝෂය ආරම්භ කිරිමට මුලිකත්වය ගත්තේය
1915 නිදහස් අරගලය සමයේදී සිරබත් කැමට පවා මෙතුමාට සිදුවිය
1931 ඩොනමොර් අණ්ඩුක්‍රමය යටතේ මෙරට පිහිටවු ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැළණිය ආසනයට මහජන ඡන්දයෙන් පත් වූ. ඩී.බී. ජයතිලක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ධුරයටද පත් විය.එම රජයේ ස්වදේශිය කටයුතු භාර ඇමැතිවරයා වශයෙන් පත්වී මෙරටට සුවිසල් සේවාවක් ඉටු කළේය.
නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් සේවයේ කරමින් සිටියදි 1944 මැයි 29 වැනි දින එතුමා අභාවප්‍රාප්ත විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments