23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට උත්සහ කළ සජීවී තාරුකා ඉබ්බන් 206 ක් රේගු...

නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට උත්සහ කළ සජීවී තාරුකා ඉබ්බන් 206 ක් රේගු දැලේ.

බුද්ධි තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශය (11) AK046 ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට තැත් කිරීමේදී සජීවී තාරුකා ඉබ්බන් 206 ක් අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) ගුවන් භාණ්ඩ අපනයන පර්යන්තයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙම සතුන්ව රෙදි මලු තුලට බහා අනතුරුව පෙට්ටි 06 ක අසුරා “වියළි මුහුදු ආහාර” ලෙස ප්‍රකාෂ කර අපනයකනය කිරීමට අපනයනකරු උත්සාහ දරා ඇත.

ශ්‍රී ලංකාවේ වෙසෙන තාරුකා ඉබ්බන් ඉන්දියාවේ සහ පකිස්ථානයේ දක්නට ලැබෙන විශේෂම (Geochelone elegans) වන නමුත් වර්ණ රටාව සහ ජානමය වශයෙන් නිශ්චිත භූගෝලීය අනන්‍යතාවයක් ඇති බව සොයාගෙන ඇත. ඔවුන් ලෝකයේ සිටින ලස්සනම ඉබ්බන් විශේෂයක් වන අතර එම හේතුව නිසාම අග්නිදිග ආසියාතික රටවල නීතිවිරෝධී සුරතල් සතුන් වෙළඳාම සඳහා ඔවුන් සඳහා ඉහළ ඉල්ලුමක් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) රතු දත්ත ලැයිස්තුවට සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ උප ලේඛණ I හි ද ඇතුළත් කර ඇත (CITES).

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත (40 වැනි වගන්තිය) අනුව, ඕනෑම ක්ෂීරපායී, පක්ෂි, උරග, උභයජීවී, මාළු, කොරල් හෝ අපෘෂ්ඨවංශීන්, බිත්තර, පිහාටු හෝ ඕනෑම පක්ෂියෙකුගේ පිහාටු, අං, සම හෝ ඕනෑම ක්ෂීරපායි සතෙකු හෝ උරගයකු හෝ ඕනෑම ක්ෂීරපායී, පක්ෂි, උරග, උභයජීවී, මත්ස්‍ය, කොරල් හෝ අපෘෂ්ඨවංශීන්ගේ යම් කොටසක් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව අපනයනය කිරීමට උත්සාහ කිරීම වරදක් වන අතර රේගු ආඥාපනත ද ඊට සමගාමීව උල්ලංඝනය වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments