බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු පාසල් ළමුන්ට ඉලක්ක කර විකිණීම ට ළඟ තබා ගත් මත් කරල් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.ආර්.එම්.එස්. හේමවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) බදුල්ල පොලිස් වසමේ මුතියංගනය පංසල ඉදිරිපිට වටරවුම අසල දී වැටලීමක් සිදුකර පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන්, නීති විරෝධී මත්පෙති හා ගංජා පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරණ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් සිදු කරණ ලද වැටලීමක දී Pregabalin (150 mg) මත් කරල් 145 නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන කාර් රථයෙන් ගමන් කරමින් සිටි මයිලගස්තැන්න, බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 44 ක් වන බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ II හි පොලිස් පරීක්ෂක ඩි.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) මීගහතැන්න පොලිස් වසමේ ගුරුසිංහගොඩ පාර, ඇත්කදුර යන ලිපිනයේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා ග්‍රෑම් 558 ක් සන්තකයේ තබාගෙන සිටි ගුරුසිංහගොඩ පාර, ඇත්කදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කඩවත ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කල පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක එල්.බී.ඒ. මධුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) කඩවත පොලිස් වසමේ කඩවත බැංකු සංකිර්ණය ආසන්නයේ දී වැටලීමක් සිදුකර බංගලාපාර, රත්මලාන පුදේශයේ පදිංච් වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30, මිලි ග්‍රෑම් 500 ක් ජංගම දුරකථනයක් මුදල් රුපියල් 7,000 ක්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මීටියාගොඩ ප්‍රදේශයේ ඉකුත් (10) සිදු වූ වෙඩ් තැබීමකට සැකකරන ජෝන් කොල්ලා නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විඳුර දිසානායක මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.බි.එම්.ජේ.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) මීටියාගොඩ පොලිස් වසමේ මැටිවල ප්‍රදේශයේ, මුදලාලිගේ වත්ත කුරුඳු ඉඩමේ දී වැටලීමක් සිදුකර 2023.02.10 වන දින මීටියාගොඩ පොලිස් වසමේ මැටිවල ප්‍රදේශයේදි ඥාතින් අතර ඇති වු ගැටුමකින් පසුව වෙඩි තැබිමක් සිදු කලේ යැයි සැකකරන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 36 ක ජෝන් කොල්ලා නැමැති පුද්ගලයෙකු මුදලාලිගේ වත්ත නමින් හඳුන්වනු ලබන කුරුඳු වත්තක සැඟව සිටියදී මෙරට නිශ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක් හා එම අවියට යොදන ජිව උණ්ඩ 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.