හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදුකර තිබේ. ඒ් අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කදවුර අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පො.ප. එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) කිරිබත්ගොඩ පොලිස් වසමේ අංක 1023/6/1/ඒ, වෙඩිකන්ද, හුණුපිටිය, වත්තල යන ලිපිනයේදි වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 50 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 5,000.00 හා ජංගම දුරකථන දෙකක්, විද්‍යුත් තරාදි ඒකක් සමඟ වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු මීටියාගොඩදී හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් 11 හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් 11 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) වන දින මීටියාගොඩ පොලිස් වසමේ දොමන්විල, කොරියවිල, මිටියාගොඩ ලිපිනයේ දී වැටලීම සිදුකර මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 08 මිලි ග්‍රෑම් 110 ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු විසින් සිදුකර ඇති පෙර වැරදිවනුයේ
2009.06.15 වන දින රන්දොලවත්ත, මීටියාගොඩ ලිපිනයේ පදිංචි හදුන්නෙත්ති දනිෂ්ඨ රොෂාන් යන අයව කඩුවෙන් කොටා තුවාල සිදුකර තිබීම, 2014.06.07 දින මීටියාගොඩ දි මානවඩු ප්‍රසාද් චානක කුමාර යන අයට ගිනි අවියකින් පහර දි තුවාල සිදුකිරීම. (නිදොස්කොට නිදහස්ව ඇත),2016.03.28 අම්බලංගොඩ ධීවර වාරාය තුලදී ව්‍යාපාරික සුසන්ත යන අයව ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2016.06.14 වන දින තංගල්ල ප්‍රදේශයේදි ටී 56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම මත තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගැනීම,2017.11.21 වන දින මෙරට දි නිෂ්පාදිත රිවොල්වරයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්වීම,2021.01.22 වන දින විශේෂ මෙහෙයුම් 11 විසින් පිස්තෝල අවියක් හා රිවොල්වරයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්වීම.
මැනිං වෙළද සංකීර්ණය තුළ හෙරොයින් ජාවාරම් කල පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කදවුර අණදෙන නිළධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක පී.ජී.එස්.පී. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) පෑලියගොඩ පොලිස් වසමේ අංක 94, ගොඩකදුරවත්ත, පෑලියගොඩ ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීම් 02 ක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 830 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 24,300.00 හා ජංගම දුරකථන 03 ක් සමඟ පෑළියගොඩ හා කැළණිය ප්‍රදේශ වල පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොවුන් පෑළියගොඩ මැනිං වෙළද සංකිර්ණය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමි සිදුකරනු ලබන පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය වී ඇත.