මෙරට පවතින බිත්තර හිඟය මැඩලනු වස් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිත බව් වාර්තාවේ .
බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට නියමිත අතර එම මුළු ප්‍රමාණයම ඉන්දියාවෙන් ලබා ගන්නා බවත් ආනයනකරුවන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එමෙන්ම මෙතුවක් ආනයනික බිත්තරයක් සඳහා පනවා තිබූ රුපියල් 50 ක තීරු බද්ද රුපියල දක්වා අඩු කිරීමටද රජය පියවර ගෙන ඇත. අදාල බදු සංශෝදනය තුන් මසක් සඳහා වලංගු බව අමුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.