13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් ස්වාධීන රාජ්‍යයක් වශයෙන් මෙතෙක් කල් මධ්‍යම ආණ්ඩුව වටා කේන්ද්‍රගතව පැවැති බලය පළාත් සභාවලට පැවරීමට ව්‍යවස්ථානුකූල අයිතිය (බලය) හිමිවන බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.
මේ අනුව නිදහස ලැබූ දා සිටම මධ්‍යම ආණ්ඩුව සතුව තිබූ ඉඩම් පොලිස් ඇතුළු විෂයයන් රැසක බලතල පළාත් සභාවලට පැවරෙන බවද මධ්‍යම ආණ්ඩුව මගින් මෙතෙක් ක්‍රියාත්මක කළ විෂයයන් 73 කට අදාළ නීතිරීති ක්‍රියාත්මක කිරිමේ බලතල පළාත් සභාවලට පැවරෙන බවද පවසන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා මෙහි ඇති වඩාත් බරපතල තත්ත්වය වන්නේ එම නීතිරීති සකස් කිරීමේ බලතල ද පළාත් සභාවලට හිමිවීම බව අවධාරණය කරයි.
13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ඉකුත් දා (18) පැවැති දේශනයකදී ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දේශනය සංවිධාන කෙරිණි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමා ව්‍යවස්ථානුකූලව බැදී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා කළ ප්‍රකාශයෙන් පසු මේ ව්‍යවස්ථාව පිළිබඳ නැවත වරක් සමාජයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳ ප්‍රකාශයක් කළ අතර මේ සඳහා විපක්‍ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවද විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ නායකයන් ද පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් නොකළ බවද නීතිඥ මනෝහර ද සිල්වා මහතා පැවසීය. මීට පෙර 13 වැනි සංශෝධනයට විරෝධය පළ කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මෙයට විරුද්ධ වූ ආණ්ඩුවේ නායකයන් fමි පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවද ඒ මහතා පැවසීය.
1897 ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට විටින් විට විවිධ දේශපාලඥයන් උත්සාහ කළද මෙරට දේශප්‍රේමි බෞද්ධ නායකයන්ගේ සහ මහානායක හිමිවරුන්ගේ විරෝධතාව නිසා මෙය හකුළා ගැනීමට සිදුවිය. එදා ඉන්දියානු රජය අප රටට විශාල බලපෑමක් එල්ල කර ආණ්ඩුව ලවා මෙම ගිවිසුම අත්සන් කරගත් ආකාරය සිහිපත් කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අදත් ඉන්දියාව අප රටට නුසුදුසු මේ ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ආණ්ඩුවට බලපෑම් එල්ල කරමින් සිටින බව පැවසීය.
රටේ ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබෙන නිසා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා පවසන ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බවද නීති පොතේ පවතින ක්‍රියාත්මක නොවන නීති ඕනෑතරම් තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. නීති පොතේ තිබූ පලියටම රටට නොගැලපෙන අහිතකර නීති ක්‍රියාත්මක නොකර සිටීමට අපේ රටට හැකියාවක් තිබෙන බව ඒ මහතා පැවසීය.
13 වන ව්‍යවස්ථා සංශෝධනය අප රටට බලපාන ආකාරය පිළිබඳ තවදුරටත් විග්‍රහ කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.
මේ ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරු නැගෙනහිර පළාත් දෙක ඕනෑම අවස්ථාවක ඒකාබද්ධ කළ හැකිය. නිදහස ලැබූ දවසේ සිට රාජ්‍ය බලය ක්‍රියාත්මක කළේ මධ්‍යම ආණ්ඩුවයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර ආණ්ඩුවේ බලය එම පළාත් සභාවට හුවමාරු කර ගැනීමටයි ඔවුන් උත්සාහ කරන්නේ. ඊලාම් රාජ්‍යය සංකල්පය බිහිවුණේ මේ ඔස්සේ. ඊලාම් රාජ්‍යයක් හදන්න පුළුවන් ප්‍රතිපාදන මේ ව්‍යවස්ථාව තුළ තිබෙනවා. පොලිස් ඉඩම් ඇතුළු විෂයයන් 73 ක් පිළිබඳ බලතල පළාත් සභාවලට පැවරෙනවා. පළාත් සභාවලට මීට අදාළ නීති රීති සකස් කිරීමේ බලතල පවතිනවා. මේවා වෙනස් කිරීම පාර්ලිමේන්තුවට පවා කළ නොහැකි වෙනවා. උතුරු නැගෙනහිර වෙනම පොලිසී, වෙනම උසාවි හදා ගන්න අවස්ථාව සැලසෙනවා.
වෙනම රාජ්‍යයක් (ඊලාම්) නිර්මාණය කිරීමේ උපක්‍රමශීලී උත්සාහයක් කලක පටන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා සාධක රැස් කිරීම කලක සිටම සිදු වෙනවා.
අපේ පෞරාණික පුරාවස්තු රැසක් ඒ ප්‍රදේශවල තිබෙනවා. ජාතික වශයෙන් වැදගත් වන පුරාවස්තු මහා ආණ්ඩුවටත් ජාතික වශයෙන් වැදගත් නොවන පුරාවස්තු පළාත් සභාවටත් පැවරෙනවා. ජාතික වශයෙන් වැදගත් නොවන පුරාවස්තු තිබිය හැකිද? ජාතික වශයෙන් වැදගත් නොවන කොටසට දමා උතුරු නැගෙනහිර බොහෝ පුරාවස්තු ගැසට් කර නැහැ. පුරාවිiා කොමසාරිස්වරයාගේ නිර්දේශ මත ඇමති මණ්ඩලයට තමයි ඒවා ගැසට් කිරීමේ බලතල පැවරෙන්නේ. එහෙත් එය නිසි අයුරින් සිදු වන්නේ නැහැ. උතුරු-නැගෙනහිර ඊලාම් මතවාදය තහවුරු කර ගැනීමට ඔවුන් මේ පුරාවස්තු විනාශ කරනවා.
පොලිස් බලතල සම්බන්ධ කාරණයත් ඒ ආකාරයටමයි සිදු වන්නේ. පොලිස් බලතල පළාත් මහ ඇමතිවරයාගේ අභිමතය අනුව ක්‍රියාත්මක කිරීමට මෙම ව්‍යන්‍ස්ථාවට අනුව හැකියාව ලැබෙනවා. මහා ඇමතිගේ පාලනය යටතේ පළාත් පොලිස් ප්‍රධානියා මෙන්ම දෙවැනියාත් ක්‍රියාත්මක වෙනවා. පොලිස් කොමිෂමට බලතල හිමවන්නේ පළාත් පොලිසියේ තුන්වැනියට සිටින නිලධාරියා පත් කිරීමට පමණයි. පළාත් පොලිසි ක්‍රියාත්මක වන්නේ මහ ඇමතිවරයාගේ අභිමතය පරිදියි. ජාතික මට්ටමේ පොලිස් නිලධාරීන් පළාත් පොලිසි වලට නිල ඇඳුමෙන් යාමටවත් බැහැ. ඉඩම් බලතල සම්බන්ධයෙන් ද මධ්‍යම ආණ්ඩුව සතු බලතල පළාත් සභාවට පැවරීමයි සිදු වන්නේ.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාව බලාත්මක කිරීමට ඉන්දියාව මෙතරම් උනන්දු වන්නේ ඇයි ද කියා අපි මදක් සිතා බැලිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය මේ රට බෙදා වෙන් කිරීමටයි. එදා ත්‍රස්ත්‍රවාදයට පවා ඉන්දියාව උදව් කළ බව රහසක් නොවේ. ත්‍රස්තවාදයෙන් කළ නොහැකි වූ දෙය ව්‍යවස්ථානුකූලව සිදු කිරීමටයි මේ උත්සාහ කරන්නේ.
උතුරු-නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පවතින ව්‍යවස්ථාවට අනුව කිසිඳු බාධාවක් නැහැ. එම කටයුතු ඉතාම හොඳින් සිදු කළ හැකියි. දැනටත් සිදු කරමින් පවතිනවා. විවිධ මිත්‍යා මත පතුරවමින් ඇතැමුන් උත්සාහ කරන්නේ මේ රට බෙදා වෙන් කර වෙනම රාජ්‍යයක් බිහි කිරිමටයි. බෞද්ධයන් වශයෙන් අප තවදුරටත් නිහඬව සිටියහොත් මේ අනතුරෙන් රට මුදාගත නොහැකියි. මහා සංඝ රත්නයේ ආශීර්වාදය ඇතිව කළ යුතුයි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වැනි බෞද්ධ සංවිධාන මේ පිළිබඳ අවධියෙන් සිටීම ඉතා වැදගත්.