වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට අවශ්‍ය විශේෂ සහන ලබා ගැනීමට 1985 හදිසි දුරකථන අංකයට අමතන්න,
අපරාධ සිදු වන ආකාරය සම්බන්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජාතික වැඩ පිළිවෙළක් සකස් කර අපරාධ වින්දිතයන් පිළිබදව වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර,
අපරාධයක, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා වු ජාතික අධිකාරියේ සභාපති ජනාධිපති නීතීඥ සුහද ගමලත් මහතා පවසයි.
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා වු ජාතික අධිකාරියේ සභාපති ජනාධිපති නීතීඥ, සුහද ගමලත් මහතා මෙම අදහස් පළ කළේ එම අධිකාරියේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් සදහා ඉකුත් (02) එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සදහා වු ජාතික අධිකාරියේ සභාපතිවරයා මෙසේ ද සදහන් කළේය.
2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මගින් අපරාධයක් සදහා සෘජුව හා වක්‍රව සම්බන්ධ වන සාක්ෂිකරුවන්ට හා වින්දිතයින්ට සහාය දීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බවත්, ඉදිරියේදී අපරාධ සිදු වන ආකාරය සම්බන්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජාතික වැඩ පිළිවෙළක් සකස් කර ඒවා අවම කිරීම අරමුණු කර ගනිමින් අපරාධ වින්දිතයන් පිළිබදව වාර්ෂික වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා පැවසීය.
වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට විශේෂ සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් 1985 හදිසි දුරකථන අංකයට දැනුම්දීමෙන් පසුව අවශ්‍ය සහනය ලබා ගත හැකි බවත්, වර්තමානය වන විට මෙරට තුළ අපරාධ සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවත්, අපරාධ සමග සෘජුව හා වක්‍රව සම්බන්ධ වන වින්දිතයින් හා සාක්ෂිකරුවන් මෙර රටේ අසාමාන්‍ය ලෙස පීඩා විදින බවත්, ඒ සදහා සහායවීමට අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ස්ථාපිත කර ඇති බවත්, සභාපතිවරයා සදහන් කළේය.
වින්දිතයා හා සාක්ෂිකරුවා කවුරුන්ද යන්න පිළිබදව 2015 වසරේ හදුන්වා දී ඇති පනතෙහි පැහැදිලිව සදහන් කර ඇති අතර, වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට අවශ්‍ය ආරක්ෂාව අපරාධයක වින්දිතයාගේ හා සාක්ෂිකරුවාගේ සහායක සහ ආරක්ෂක පොලිස් කොට්ඨාශය ස්ථාපිත කරමින්, පීඩාවට පත් වන වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට වන්දි අරමුදල මගින් වන්දි ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක බව බව ද හෙතෙම පැවසීය.
සාක්ෂි ලබාදීම සදහා අධිකරණයට පැමිණිමට නොහැකි වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට විදේශ රටක සිට වුවද තමන් සිටින ස්ථානයේ සිට දුරස්ථව සාක්ෂි ලබාදීමේ හැකියාව පවතින බවත්, අතිශයින්ම දැඩි ආරක්ෂාවක් අවශ්‍ය වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට සහයා ලබාදීම සදහා රැකවරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත්, මෙම අධිකාරිය මගින් පසුගිය කාලය තුළ වින්දිතයාගේ සහ සාක්ෂිකරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් සිදු කර ඇත් බවත්, සභාපතිවරයා සදහන් කළේය.
2022 වසර තුළ පමණක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙරට තුළ මිනී මැරුම් 74 ක් සිදුව ඇති අතර, මෙම සිදුවීම් ඇතුළු සමස්ත අපරාධ හේතුවෙන් පීඩාවට පත්ව ඇති වින්දිතයින් පිළිබදව අවධානය යොමු කර ක්‍රියා කිරීම වැදගත් වන බැවින් අපරාධ හේතුවෙන් පීඩාවට පත් වන වින්දිතයින්ට හා සාක්ෂිකරුවන්ට උපරිම ආකාරයෙන් පිහිටවීමට ඉදිරියේදී තවදුරටත් කටයුතු කරන බව හෙතෙම පැවසීය.
අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වසරකම මාර්තු මස 07 වැනි දින සැමරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම දිනය සැමරීමේ විශේෂ උත්සවයක් ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම (07) බත්තරමුල්ල, පැලවත්ත, විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදි පැවැත්වෙන අතර, එහිදී වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබදව පැසැල් සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමට මෙන්ම විශේෂ සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමට නියමිතව ඇත.