ශ්රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වු 72 වන සංවත්සරය 2023 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදි අභිමානවත් අයුරින් සැමරිම (02) සිදු කරන ලදි.
ශී‍්‍ර ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරමිභය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වු අතර ශ‍්‍රි ලංකාව ජනරජයක් ලෙස පත්විමෙන් අනතුරුව 1972 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි. ලක් අඔර සුරකින්නට “සුරකිමු ලකඹර” උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 72 ක් තම මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි විය.
විජයග‍්‍රාහි මානුෂිය මෙහෙයුමේදි යුධ ජයග‍්‍රහන ලබා ගැනිම සදහා නිරතුරු ගුවන් සහය ලබා දෙමින් සතුරු ඉලක්ක විනාශ කිරිම සදහා සක‍්‍රිය දායකත්වය ලබාදුන් ශී‍්‍ර ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකිනවා සේම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාව මුදවා ගැනිමේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු ඉටුකිරිම සදහා ද සුවිශේෂී දායකත්වයක් දක්වමින් මානුෂිය මෙන්ම නව තාක්ෂණ දැනුම හා වෘත්තිමය පරිණත භාවය මෙන්ම විනය ගරුක බවින් ද පරිපූර්ණව අභිමානවත් හමුදාවක් ලෙස තම කාර්යයන් නිසි ලෙස ඉටුකරන ලදිග