ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ලෙස මහාචාර්ය ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා යළිත් පත්වි තිබේ. ඒ් සඳහා මෙවර පැවැති නිලවරණයේදී ඒ් මහතා යළි පත්වි තිබේ.
එම සංගමයේ 26 වන නිලවරණයේ දි නැවත වරක් එහි සභාපති ලෙස ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පත්කර ගෙන තිබේ. . අදාල නිලවරණය ඉකුත්දින කොළඹ 7, පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ නිර්මාතෘවරයා ද වේ. විදේශ විශේෂඥයන් සඳහා වන චීන ජාතික දින සම්මානයත් එමෙන්ම චීන මිත්‍ර තානාපති ගෞරව නාමයත් ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා අබේසේකර මහතායි. ශ්‍රී ලංකාව චීනයත් අතර දී ජනතා මිත්‍ර සබඳතා තුළින් සංස්කෘතික සමාජ අධ්‍යාපන සහ තරුණ කටයුතු ආදී ක්ෂේත්‍ර රැසක ම සබඳතා සංවර්ධනයට දායක වූ අබේසේකර මහතා චීන ජාත්‍යාන්තර ගුවන් විදුලියේ ද වසර 12ක් වරින්වර සේවය කොට ඇත. චීනය සමග සහයෝගීතාව සහ මිත්‍රත්වය සඳහාවන දකුණු ආසියානු කලාපීය සංගමය ශ්‍රී ලංකාවේ දී පිහිටුවීමට මූලිකත්වය දැරුවේ ද අබේසේකර මහතායි.එම සංගමයේ මහා සභා රැස්වීමේදී විධායක කමිටු සඳහා සාමාජික සාමාජිකාවන් 27 දෙනෙකු තෝරා පත්කර ගෙන තිබේ.
මෙහිදී නියෝජ්‍ය සභාපති දුනිල් හෙයියන්තුඩුව (ප්‍රධාන ගනකාධිකාරි ජනමාධ්‍ය අමාත්‍යාංශය), ප්‍රධාන ලේකම් අරුණ කුරුකුලසුරිය (ව්‍යවසායක), මූල්‍ය ලේකම් මහේන්ද්‍ර විජේතුංග (බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ), ජාතික සංවිධායක නන්දසේන මදවන්ආරච්චි (සම්බන්ධිකරණ ලේකම්-අධ්‍යාපන අමාත්‍ය අමාත්‍යාංශය) යන මහත්වරු ප්‍රධාන නිලතල සඳහා පත්කෙරිණි. සෙසු නිලතල සඳහා විද්වත් වෘර්තිතකයන් රැසක් තෝරා පත්කර ගැනිනි.2023 වර්ෂයේ දි ශ්‍රී ලංකාව හා චිනය අතර සමාජ, සංස්කෘතික, අධ්‍යාපන, ජනමාධ්‍ය, කලා, මානව සම්පත්, පර්යේෂණ වැනි ක්ෂේත්‍රවල සම්බන්ධතාවය හා මිත්‍රත්වය වර්ධනය කිරිම සම්බන්ධව සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ මෙහි දි කරුණු ඉදිරිපත් කෙරිණි.

