21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වාව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි

අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා
ව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රනිල් ද සිල්වා මහතා අමාමී සන්නාමයේ (www.hotelsupplies.lk) නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙදපොළට සපයමින් සැපිරූ දශක තුනක ව්‍යාපාර දිවිය සැමරීමේ උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්‍යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන් කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.
ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථක ප්‍රතිඵල අත්විඳින ඒ මහතාගේ අමාමි නිෂ්පාදන (0777576639) සඳහා සංචාරකයන්ගෙන්ද ඉහළ ප්‍රතිචාර ලැබී ඇත. එම නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස් ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි. මෙම සියලු නිෂ්පාදන දේශීය අමුදව්‍යවලින් මෙරටදීම නිපදවන අතර ඔවුන්ගේ කර්මාන්තශාලාවේ පනහකට අධික පිරිසකට රැකියා සපයා ඇත. “වසර තිහක් අඛණ්ඩව ව්‍යාපාරයක් දියුණු කරමින් පවත්වා ගෙන ඒම ලංකාව වගේ රටක විශාල අභියෝගයක්. චීනයෙන් ලාබෙට බාල නිෂ්පාදන ආනයනය විශාල තර්ජනයක් වෙලා තියෙනවා. අඩු මුදලකට බාල බඩු දෙන්න ආයතනයක් විදියට අපි කැමැති නැහැ. විදේශවලින් බාල නිෂ්පාදන අඩු මිලට ගෙන්වීම වළක්වන්න රජය කටයුතු කරනවා නම් එය දේශීය ව්‍යාපාර සවිබල ගැන්වීමක්. අද මගේ ව්‍යාපාරය දියණිය හර්ෂලා සහ පුතා රනුක වෙත බාර දී මම ඔවුන්ට උපදෙස් දෙමින් කටයුතු කරනවා. මේ හැම දෙයක්ම සාර්ථකත්වයට රැගෙන ගිය මගේ ප්‍රධානම ශක්තිය ආදරණිය බිරිඳ වෛද්‍ය ප්‍රියානි ද සිල්වා. මගේ ව්‍යාපාරික දිවියට සවියක් වූ ගැනුම්කරුවන්ට, පාරිභෝගිකයන්ට, කාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.” රනිල් ද සිල්වා මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments