26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපිස්තෝලයක් සමග හා කෝට්ටේ පාසැල්වලට මත්ද්‍රව්‍ය බෙදු අයකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

පිස්තෝලයක් සමග හා කෝට්ටේ පාසැල්වලට මත්ද්‍රව්‍ය බෙදු අයකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

බන්ධනාගාර ගතව සිටින සොත්ති උපාලි ගේ පුතාගෙ සමිපතමයෙකු විදෙස් රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමග විගේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සියලු වැටලිම් සහ අත්අඩංගුවට ගැනීම් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායෙ බුද්ධි අංශයකට ලැබුණු තොරතුරකට අනුව කොළඹ රාජකීය ගොල්ෆ් ක්ලබ් බොරැල්ල ප්‍රදේශය අසල විදේශීය නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සමඟ ෂෙහාන් ෆක්ෂින සිල්වා හෙවත් ෂෙහාන් (Nic no 952810650V) නමැති 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ජංගම දුරකථනය සමඟ විදේශීය නිෂ්පාදිත රිවෝල්වරය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කෙරිණි.

සැකකරු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සෝතිඋපාලිගේ පුත් ශිරන්ත ගයාන් හෙවත් ගයියාගේ සමීපතමයෙකු බව පැවසේ.

අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරි වි.ජී.රොහාන් කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි ,සහකාර පොලිස් අධිකාරි (බුද්ධි ,විශේෂ මෙහෙයුම් , මත්ද්‍රව්‍ය නාශක ,සංවිධානාත්මක අපරාධ ) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් ,ස්ථානාධිපති බුද්ධි ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුලු බුද්ධි අංශයෙ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

වියළි ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩි.එම්.යු.කේ. අබේරත්න මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ පොලිස් පරීක්ෂක ජි.ඩබ්.ඒ. සිසිර කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) කුරුණෑගල පොලිස් වසමේ ගෝවා කොටුව හන්දිය ප්‍රදේශයේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.
එහි දී සිදු කරණ ලද වැටලීම් දෙකකදී වියළි ගංජා සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ වරදට කුඩාගල්ගමුව, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 34 ක වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු ගංජා ග්‍රෑම් 129 ම්.ග්‍රෑ. 250 ක් සහ ජාවාරම්න් උපයා ගන්නා ලද මුදල් රුපියල් 70,200.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මිරිහාන,කෝට්ටේ ප්‍රදේශයේ පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ පැටී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) මිරිහාන පොලිස් වසමේ අංක 18/01, පැරකුම් මාවත, මිරිහාන, කෝට්ටේ යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය අලවි කරනු ලබන පුද්ගලයෙක් සම්බන්ධව ලද බුද්ධි තොරතුරක් මත අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මි.ග්‍රෑ. 400 ක් හා මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගන්නා උපකරණ සමග මිරිහාන, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 වන පැටී යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments