22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 7ක මිල අඩුකරයි.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 7ක මිල අඩුකරයි.

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන සහන යටතේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හතක මිල අඩුකර ඇතිබව ප්‍රකාශ කරයි.

මෙම මිල අඩුකිරීම් ඊයේ(09) සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ් අනුව වියළිමිරිස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් හැත්තෑපහකින් අඩුකර තිබේ ඒ් අනුව එහි නව මිල රුපියල් 1500කී, පාන්පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් පහළොවකින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 230ක්වේ, පරිප්පු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් දහනවයකින් අඩුකර තිබේ. එහි නව මිල එහි නව මිල රුපියල් 339කී, සුදුසීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් එකොළහකින් අඩුකර තිබෙන අතර එහි නවමිල රුපියල් 218කී,රතුකැකුළු (දේශීය) කිලෝග්‍රෑම් එකක්රුපියල් නවයකින් අඩුකර තිබේ එහි නවමිල රුපියල් 155කී, සුදුනාඩු(දේශීය ) කිලෝග්‍රෑම් එකක මිල රුපියල් හතකින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 188කී,ලොකුළුෑණු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් හයකින් අඩුකර තිබේ එහි නවමිල රුපියල් 129ක්වේ.

මෙම භාණ්ඩ නව මිල යටතේ ලංකාව පුරාපිහිටි ලංකා සතොස ශාඛා මගින් පාරිභෝගිකයින්ට ඊයේ සිට ලබාගත හැකි බව එම ආයතනය දැනුම්දී සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments