23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsව්‍යාජ මුදල් ජාවාරමක් ඇතුළු අපරාධ රැසක් එස්.ටී.එෆ් දැලේ.

ව්‍යාජ මුදල් ජාවාරමක් ඇතුළු අපරාධ රැසක් එස්.ටී.එෆ් දැලේ.

රුපියල් ලක්‍ෂ 35 ක මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම ව්‍යාජ මුදල් නෝට්ටු සහ කඩුවක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ් අනුව විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි කේ.ජී.ජී.ජී. නිශාන්ත මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය මුලතිවි කඳවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පී.එච්.ඩී.සී. කුමාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ දේවිපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කඩදාසි මත ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 700 ක් (රුපියල් ලක්‍ෂ 35) සන්තකයේ තබා ගනිමින් ජාවාරමේ නියැලුනු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු මුදල් නෝට්ටු මුද්‍රනය කිරීමට යොදාගන්නා AEPN 63190 Canon වර්ගයේ කලර් ප්‍රින්ටර් 01 ක්, Canon ප්‍රින්ටර් පවර් කේබල් 01 ක් හා ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙතය භාර දී ඇත. වැඩි දුරටත් නිවස සෝදිසි කිරිමේ දී නීති විරෝධී කඩුවක්ද හමුවී ඇත.

R/253 673053 අංක දරන මුදල් නොට්යු 370 යි. R/ 200 655779 අංක දරන මුදල් නොට්ටු 216 යි. R/247 444625 අංක දරන මුදල් මුදල් නොට්ටු 114 යි. විවිධ මුදල්⁣ නෝටිටු අංක වෙනුවට මෙම අංක තුන යටතේ පමනක් ඇත.

අනවසරයෙන් පතල් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විඳුර දිසානායක මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එන්.ඩී. මොල්ලිගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) නිවිතිගල පොලිස් වසමේ දෑල, වේ ගඟේ, එකට ගැටුම ප්‍රදේශයේ දී වැටලීම් එකොලහක් (11) සිදුකර බලපත්‍ර නොමැතිව වේ ගඟේ අනවසරයෙන් පතල් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයින් 28 දෙනෙකු පහත සඳහන් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.
එහිදි හොයිස්ටර් 07 ක්,කොම්ප්‍රෙෂර් 28 යි,බට අඩි 3,100ක්, මවුත් 12ක්, යකඩ ප්ලේට් 05ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි චීවරධාරියෙකු හා පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි වෑවිටවිතාන මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.එම්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) දමන පොලිස් වසමේ බක්මිටියාව, කුඹුක්ගොල්ල, කැළෑබද ප්‍රදේශයක දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි මහියංගනය හා හසලක ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු හා උඩවෙල ශ්‍රී ධර්මරාජ විහාරයේ චීවරධාරියෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එහිදි Forward Gauss මාදිලියේ ස්කෑන් යන්ත්‍රයක් සහ පළතුරු වර්ග ඇතුලු පූජා භාන්ඩ සහ උදලු සහ සවල් අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් සහ හෂීෂ් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ ස්ථාපිත කර ඇති විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමහෙි නිලධාරීන් කන්ඩායමක් සහකාර පොලිස් අධිකාරි (විශේෂ අවි හා උපක්‍රම) කේසර රත්නවීර මහතාගේ මගපෙන්වීම මත බස්නාහිර පළාත තුල සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් විශේෂ කාර්ය බලකාය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආරක්‍ෂක සැලස්ම අනුව විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ ස්ථාපිත කර ඇති විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමහෙි පොලිස් සැරයන් 16600 ඩී.එම්.එස්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ඩිපෝව අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ක්‍ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරික්ෂා කිරීමක් සිදුකර ඇත අතර ත්‍රිරෝද රථයක් පරීක්‍ෂා කිරිමේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24, මිලි ග්‍රෑම් 785 ක් හා හෂීෂ් (හෑෂ්) මිලි ග්‍රෑම් 185 ක් සන්තකයේ තබා ගනිමින් ප්‍රවාහනය සිදුකල බොරැල්ල සහ රාජගිරිය ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 37, 38 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු සමග ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය වෙත භාර දී ඇත.

හොර පාරෙන් මෙරටට ගෙන්වූ වල් නාශක හා දිලීර නාශක අලෙවිය සදහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩබ්.සී.ඒ.එස්.ද. සිල්වා මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යු.එස්. උදයකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) නුවරඑළිය පොලිස් වසමේ WA ඇග්‍රෝසෙන්ටර්, අංක 10, හරස්විදිය, නුවරපාර, නුවරඑළිය යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද වල් නාශක හා දිලීර නාශක සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ වරදට නුවරපාර, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක වයසේ පසුවන පුද්ගලයකු Ridomil Gold 100g ඇසුරුම් 77 ක් සහ Ammonium Salt of Glyphosate 71% Gg Anu 71 ඇසුරුම් 217 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය වෙත භාර දී ඇත.

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ඒ.වී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.බි.එම්.ජේ.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (08) වන දින මීටියාගොඩ පොලිස් වසමේ උඩුමුල්ල, කළුපේ ලිපිනයේ නිවසක් තුල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී විදෙස් රටක නිෂ්පාදිත බොර 12 උණ්ඩ යෙදිය හැකි පතුරම් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38 ක උඩුමුල්ල, කළුපේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම අවිය ප්‍රදේශයේ සිදු කරන ලද අපරාධ කටයුතු සදහා යොදා ගත්තේද යන්න පිළිබද නිලධාරීන් වැඩිදුර විමර්ශණ සිදුකරණු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments