26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රන් කිලෝ දහයක් සූක්ෂම ලෙස ඉන්දියාවට ගෙන යෑමට සැරසෙද්දි රේගු නිලධාරින් අත්අඩංගුවට...

රන් කිලෝ දහයක් සූක්ෂම ලෙස ඉන්දියාවට ගෙන යෑමට සැරසෙද්දි රේගු නිලධාරින් අත්අඩංගුවට ගනී.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය නිලධාරීන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දී සැකකරුවන් පස් දෙනෙකු ඉන්දියාව වෙත රන් තොගයක් ගෙන යෑමට සූදානම් කර තිබෙද්දි අත්අඩංගුවට ගෙන තිබේ. .

මෙම සැකකරුවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 141 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවෙ මුම්බායි නගරය වෙත යාමට (11) සැලසුම් කර තිබිණි. සැකකරුවන්ගේ ගමන් මලු තුළ සුක්ෂම ලෙස මෙම රත්තරන් සඟවා තිබිණි. තවද මෙම මගින් ගුවන්තොටුපල සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටී ඉන්දියානු ජාතිකයෙකු හා සම්බන්ධව මෙම ජාවාරම සිදු කර ඇත. එම ඉන්දියානු ජාතිකයා ද පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත. මෙම මගින් සන්තකයේ තිබී රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්තරන් හා රන් ආභරණ 10.5 kg ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි වූහ. මෙම රත්තරන් වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160කට අධිකවේ. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදුකරමින් පවතී.
අත්අඩංගුවට ගැනීම රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සමාජ ආරක්ෂණ ඒකකයේ ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂකවරයා හා ජේෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා ගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් හා සහකාර රේගු අධිකාරීවරුන් සිදු කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments