26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදීර්ඝ කාලයක් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටි කාන්තාවක් හා අනවසර මැණික් ගැරීමක ජාවාරමක්...

දීර්ඝ කාලයක් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටි කාන්තාවක් හා අනවසර මැණික් ගැරීමක ජාවාරමක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

දීර්ඝ කලෙක පටන් මටිටක්කුලිය ප්‍රදේශයේ හෙරෝයින් ,අයිස්,කේරළ ගංජා ජාවාරම සිදුකල කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. ඒ අනුව එම කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවබස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) මට්ටක්කුලිය පොලිස් වසමේ අංක 44/17, ජුබිලි මාවත, මට්ටක්කුලිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර එහි දී අයිස් ,හෙරෝයින් ,⁣කේරළ ගංජා යන තුනම අලෙවි කල කාන්තාවක් අයිස් ග්‍රෑම් 55, මි.ග්‍රෑ. 440 ක්, හෙරොයින් ග්‍රෑම් 36, මි.ග්‍රෑ. 770 ක්, සහ කේරළ ගංජා ග්‍රෑම් 80, මි.ග්‍රෑ. 610 ක් සහ ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 189,600 ක්, ජංගම දුරකතන 05 ක්, ඩිජිටල් තරාදි 02 ක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිරිම සදහා යොදාගත් උපකරන සන්තකයේ තබාගෙන සිටි දීර්ඝ කලෙක පටන් මෙ⁣ම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකල මට්ටක්කුලිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවු. 42 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) කොස්ගම පොලිස් වසමේ හද්දුවවත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කැළණි ගඟේ ඉවුර කපා ඉවුරට හානි වන ආකාරයට අනවසරයෙන් මැණික් ගරමින් සිටි කොළඹගේආර සහ කෝටන්හන්දිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38 සහ 48 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු මැණික් ගැරීම ට යොදාගන්නා උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ක්‍රියාත්මක හා ප්‍රාදේශීය සංවර්ධන නිලධාරි, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ඇහැලියගොඩ ප්‍රාදේශීය කාර්යාලයේ ඒ.එම්.ජේ.සී. අතපත්තු මහතා වෙත භාර දී ඇත. එහිදි බෝට්ටු දෙකක් 02 ක් සහිත පාරුවක්,මවුත් කොටස සවි කල බටයක්,කම්පේෂරයක්, ගෝගල්ස් එකක්, යකඩ බාල්දීදෙකක්, ගැරුම් වට්ටි දෙකක්, ටියුබ්එකක්,ස්පැනරයක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments