29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedජාතියේ ටෙලි මහා මංගල්‍යය රයිගම් ටෙලීස් 2022 19වෙනි වරටත් අභිමානවත් අයුරින්....

ජාතියේ ටෙලි මහා මංගල්‍යය රයිගම් ටෙලීස් 2022 19වෙනි වරටත් අභිමානවත් අයුරින්….

ජාතියේ ටෙලි මහා මංගල්‍යය රයිගම් ටෙලීස් 2022 19වෙනි වරටත් අභිමානවත් ලෙස (25) කොළම ෂැංග්‍රීලා හෝටලියේදී පැවැත්විණි.

මෙවර සම්මාන උළෙල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.බි.දිසානායක මහතා ප්‍රමුඛ කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අනුව 2022 රයිගම්ටෙලීස් සම්මාන උළලේ වසරේ හොඳ නළුවා ලෙස ජගත් චමිල(මාණික්කාවත) ලබාගත් අතර මෙවර හොඳම නිළියට හිමි සම්මාන දෙකක් පිරිනැමීම සුවිශේෂවිය. එහිදි වොල්ගා කල්පනි(මාණික්කාවත) හා උමාලි තිලකරත්න(පීතෘ) සම්මාන දිනාගත්හ. එම වසරේ ජනප්‍රිය නළුනිළියන් ලෙස උද්දික ප්‍රේමරත්න හා දුෂේනි මියුරංගි සම්මාන පිදුම් ලැබූහ.

වසරේ හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා
මයුර කාංචන පෙරේරා
(මාණික්කාවත),වසරේ හොඳම ටෙලිනාට්‍ය සහාය නිළිය
නයෝමි තක්ෂිලා (අඳුන්ගිර),වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීත ගායකයා
බාචි සුසාන් (Once Upon a Time in Colombo),වසරේ හොඳම ටෙලිනාට්‍ය ගීත ගායිකාව
සශිකා නිසංසලා (පිච්ච මල සුවඳයි).

මෙහිදි විශේෂ ප්‍රණාම සම්මානයක් ජ්‍යෙෂ්ඨමාධ්‍යවේදීයෙකු, ගීත රචකයකු හා නිවේදකයකුවන සමන් ආතාවුදහෙට්ටි මහතාට හා ජ්‍යෙෂ්ඨ රංඟන ශිල්පිණි නෙතලි නානයක්කාර ප්‍රදානය කළහ. මෙහිදි ජීවිතයේ එක්වරක් ලැබෙන උපහාර සම්මානය කලා ශිල්පිණි වීනා ජයකොඩිට පිරිනැමුවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments