විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්මවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) මිදිගම පොලිස් වසමේ මිදිගම සණස බැංකුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අහංගම ප්‍රදේශයේ පදිංචි සිකා යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී රතු වරෙන්තු නිකුත් කර සිට පසුගිය දින මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සමීපතම සාමාජිකයකු වන බවත්, හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම දකුණු පළාතේ මිදිගම හා ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත. පසුව මොහුගේ අංක 369/ඒ, වෑකඩරුප්ප, මිදිගම, අහංගම ලිපිනයේ පිහිටි නිවස සෝදිසි කිරිමේ දි යම් අපරාධමය ක්‍රියාවක් සදහා යොදාගැනීමට සගවා තිබු කඩුවක් සොයාගැනීමට හැකිවිය.
කේරළ ගංජා ජාවාරමෙ යෙදුන පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බන්ඩාරනායක මාවත, මහවත්ත හංදියේ පිහිටි ලංකා බැංකුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර කේරළ ගංජා ජාවාරමෙ යෙදුන යාපනයෙ කුරුනගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක පුද්ගලයකු කෙරළ ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 53 ක්, මුදලින් රුපියල් 1,140.00 ක් හා ජංගම දුරකතන 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඇත්දළ 02 ක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැඩබලන හම්බන්තොට කලාපය බාර සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී. පෙරේරා මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි එන්.ඒ.ඒ.පී. කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.ඩී.ජේ.පී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) සෙවනගල පොලිස් වසමේ කොවුල්ආර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ස්වාභාවික පරිසරයෙ ජෛව විවිධත්වයට දැඩි හානි පමුනවමින් වදවී යෑමෙ දැඩි තර්ජනයට ලක්ව සිටින දල ඇතුන් මරා ලබා ගන්නා ඇත්දල ඇත්දළ 02 ක් වැඩි මුදලට විකිනීමෙ අරමුණින් සන්තකයේ තබාගෙන සිටි සෙවනගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙවනගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.