26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් විශේෂ කර්යබලකාය ඉකුත් වසර තුනක කාලය තුල මෙරට මත්කුඩු ජාවාරම මර්දනය...

පොලිස් විශේෂ කර්යබලකාය ඉකුත් වසර තුනක කාලය තුල මෙරට මත්කුඩු ජාවාරම මර්දනය කිරීමට සුවිශේෂි කාර්ය භාර්යක් ඉටුකර තිබෙන අතර තවත් ජාවාරම් රැසක සුලමුල සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා අණදෙන නිලධාරීවරයා ලෙස පත්වී ගතවූ වසර තුනක පමණ කාලය තුළ මෙරට මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කිරීම සදහා සුවිසාල කාර්ය බාරයක් ඉටුකරඇත. මැඩගස්කරයේ දී නදුන් චින්තක නොහොත් හරක් කටා සහ කුඩු සලිදු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති අතර ගතවු වසර තුනක කාලය තුල හෙරෝයින් 217kg 328g ක්ද, අයිස් 47kg 47gක්ද කේරළ ගංජා 4722kg 575gක්ද එමෙන්ම නිති විරෝධි මත්පෙති 70461ක්ද මත්කරල් 11023ක්ද අත්අඩංගුවට ගැනීමෙන් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන විශේෂ කාර්ය බලකාය මෙරට මත්ද්‍රව්‍ය ජාලය අඩපන කිරිමට සුවිශාල කාර්ය භාරයක් ඉටු කර ඇත
[25/03, 11:16] OIC MEDIA: නි⁣යෝජ්‍ය පොලිස් පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා අනදෙන නිලධාරීන් ලෙස පත්වු ගතවු තෙවසර තුල අත්අඩංගුවට ඇත. මෙම සියලු වැටලීම් අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සිදුවෙයි.

ඒ් අනුව PREGAB (Pregabalin Capsules 150 Mg) වර්ගයේ කරල් 290 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරේ ස්ථාපිත සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් 01 හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් 01 හි පොලිස් පරීක්ෂක එම්.ඩී.ටී. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේද වත්ත ඉන්ධන පිරවුම්හල අසල දී වැටලීමක් සිදුකර සැක කටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේ දී වෛද්‍ය නිර්දේශයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව PREGAB (Pregabalin Capsules 150 Mg) වර්ගයේ කරල් 290 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කිරීමේ වරදට වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

සංවිධානාත්මක අපරාධ කරු ධර්මසිරිගෙ ගෝලයන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) ගල්කිස්ස පොලිස් වසමේ අංක 96/1, ශ්‍රි ඥානේන්ද්‍ර මාවත, රත්මලාන ලිපිනයේ දී වැටලීම් 03 ක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 34,700.00 ක්, කඩුවක් හා විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු හා මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොවුන් විදේශීය රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වන රත්මලානේ අංජු යන අයගේ ගෝලයකු වන ධර්මසිරි නැමැත්තාගේ ගෝලයින් බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

කඩු සලිදුගෙ ප්‍රධාන වෙඩික්කරු වන ඩුබායි සැඟවි සිටින රණාගෙ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු යතුරු පැදි⁣වල ආහාර බෙදාහරින මුවාවෙන් සිටියදී කේරළ ගංජා 10KG සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරි (විශේෂ මෙහුම් /මත්ද්‍රව්‍ය නාශක/ සංවිධානාත්මක අපරාධ සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුම් iii නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර මහතා සහ නිලධාරීන් කණ්ඩායමක් විසින් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම හසුරුවන ලබන පානදුර සලිදු නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් සිටින බෙලිඅත්ත රනා නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය හා මූල්‍ය කටයුතු හසුරුවන ලබන ප්‍රධාන සාමාජිකයෙකු වන පානදුර සුපුන් නැමැත්තා විරෝධී මත්ද්‍රව්‍ය වන කැනබීස් සැටයිලා හෙවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්රෑම් 520ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 33 ක පුද්ගලයකු පානදුර හොරණ මාර්ගයේ සොලමන් මාවතේදි අත්අඩංගුවට ගන්නා ලදි .කැනබීස් සැටයිලා හෙවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්රෑම් 520යි.ශ්‍රී ලංකා වලන්ගු මුදලින් රුපියල් 100000ක්ද.ජංගම දුරකථන 01 ක් සහඅංක BDO -4827 දරණ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත

මින්නේරිය ජාතික වන උද්‍යානය රක්ෂිතයට අනවසරයෙන් ඔරුවක් ඇතුල් කර තහනම් වර්ගයේ උපකරණ භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්පාර සහකාර පොලිස් අධිකාරි කේ.ජි. නලින් පෙරේරා මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.එස්.ඩි. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) මින්නේරිය පොලිස් වසමේ මින්නේරිය, ජාතික වන උද්‍යාන රක්ෂිතයේ, රඹවිල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර මින්නේරිය ජාතික වන උද්‍යානය රක්ෂිතයට අනවසරයෙන් ඔරුවක් ඇතුල් කර තහනම් වර්ගයේ උපකරණ භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි රජවැල්ල, මින්නේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66ක සහ 23 ක වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ඔරුවක්, මසුන් මැරිම සදහා යොදාගන්නා මන්දක්, නයිලෝන් දැල් 04 ක් සහ මසුන් බිය ගැනිවීම සදහා යොදාගන්නා ඊයම් ගුලිය සහිත කඹ 01 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මින්නේරිය ජාතික වනජීවි උද්‍යාන‍ කාර්යාලය වෙත භාර දී ඇත.

හොර පාරෙන් මෙරටට ගෙන්වූ වල් නාශක හා දිලීර නාශක අලෙවිය සදහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වවිනියා කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.කේ.බි.එස්.එන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ඩබි.අර්.වි.එම්. අබේසේකර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ දෙවන කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එස්. ගුරුසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) මැදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය සිට මන්නාරම මාර්ගයේ රඹකුලම හන්දියේ ශාන්තී ගොවිසැල තුල දී වැටලීමක් සිදුකර තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද වල් නාශක හා දිලීර නාශක සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ වරදට බෙල්ලන්කඩවල, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක වයසේ පසුවන පුද්ගලයකු පහත සඳහන් වල් නාශක හා දිලීර නාශක සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය කෘෂිකර්ම උපදේශක කාර්යාලය වෙත භාර දී ඇත.
එහිදි Ammonium Sult of Glyphosate (71% SG) ඇසුරුම් 166ක්, Emamectin Benzoate (5% SG) ඇසුරුම් 169ක්, Acephate (75% SP) – Starprime ඇසුරුම් 65ක්, Dhan preet Acetamiprid (20% SP) ඇසුරුම් 22ක්, Systamic Fungicide (Safty – 99) ඇසුරුම් 07ක්, Emamectin Benzoate (Clear – 99) ඇසුරුම් 09ක්, Thiamethoxam (25% WG) (Express 99) ඇසුරුම් 41ක්, Fipronil (80% WG) (Khambba) ඇසුරුම් 12ක්, Thiophanate Methyl (70% WG) (Wantage) ඇසුරුම් 06ක්, Ammonium Salt of Glyphosate (71% SG) (ANU 71) ඇසුරුම් 09ක්, Monocrotophos (36% SL) (Monoheal) ඇසුරුම් 09ක්, Emamectin Benzoate (5% SG) (Atop) ඇසුරුම් 10 ක් භාරදි තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments