ජ්‍යෙෂ්ඨ සංගීතඥ ,සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා (28) අභාවප්‍රාප්තවී තිබේ.
ඒ මහතා මියයන විට වයස අවුරුදු (81)ක්වු අතර සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කරමින් සිටියේය. ශ්‍රී ලාංකේය ගී කෙත අස්වැද්දීම සඳහා අනුපමේය සේවයක් කළ සනත් නන්දසිරි මහතා ගීත එකසිය හතළියකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අවතීරණයවී ඇත්තේ පනහේ දශකයේ මැද භාගයේදීය. ඇවිලුණු ගිනිදැල් ගීතයෙන් ජනප්‍රියත්වයට පත්විය. සඳළුතලේ සිට පෙරමග බලනා, දඟකාර ඔය දෑස, ඈත එපිට ගම්මානෙන්, මම නම් ආසයි අහන්න නයනා, දූ අනුරාධා, ගමේ කෝපි කඩේ, මහද පෙම් විලේ, මහද වීණා,එකයායට මල්, දූලිකා, සීත රෑයැමේ, බෝ මළුවේ මල්, සීත රෑ වසන්තේ,දේදුන්නෙන් එන සමනලුනේ,පෙමාතුර හැඟුම්, විකසිත වත කමලේ වැනි ජනප්‍රිය ගී රැසක් ගායනා කළ ඒ මහතා විශ්මය චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් වෙනුවෙන් ගීත ගායනා කළේය. අජාසත්ත චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයටද පිවිසියේය.
මීට අමතරව අනෙකුත් ගායනා ශිල්පීන් වෙනුවෙන් ඉතා ජනප්‍රියවු ගීත රැසක් නිර්මාණය කරදී තිබෙන අතර එහිදි පණ්ඬිත් අමරදේවයන් ගායනා කළ මේ ගුරුපාරේ, කඳුළු කතාවේ ඇතුළු ගීත කිහිපයක්ද, විශාරද ගුණදාස කපුගේ මහතා ගායනා කළ සිතල සඳඑළියේ වැනි ගීතද ,විජය කුමාරතුංගයන් ගායනා කළ පායා නිසංසලේ, මාලමුදු පළඳා යන ගීත කිහිපයකී. නන්දසිරි මහතා ගායනා කළ පොඩිහාමුදුරුවෝ වැඩියාවාගේ ගීතය ඒ මහතාම රචනා කරමින් සංගීතවත් කොට ගායනා කළ ගීයකී.
ඔහු ජනප්‍රිය ගායිකා මල්කාන්ති නන්දසිරි මහත්මිය සමග විවාහවි සිටියේය.
ඒ මහතාගේ මෘතදේහය අද (29) පෙරවරු 9.00 සිට අංක 10 බී, කොට්ටාව පළමුවන පටුමග ඇඹුල්දෙනිය නිවසේ ලබන (01) සෙනසුරාදා පෙරවරු 9.00 දක්වා තැන්පත් කර තිබේ. පසුව දේහයඑදින සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙතද පැය කිහිපයකට රැගෙන යන අතර
අවසන් කටයුතු සවස 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිතව ඇත.