පළාත් පාලන ආයතන සඳහාවු කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ කාලය ලබන (30) දක්වා දීර්ඝ කර තිබේ.
ඒ් අනුව සීමා නීර්ණය කටයුතු සඳහා ගනු ලැබු ක්‍රියාමාර්ග, දේශපාලන පක්ෂවල, සිවිල් සංවිධානවල යෝජනා හා අදහස් මහජන නියෝජන පිළිබඳ තොරතුරු කමිටුවේ නිරික්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාද ඒ් ඒ් පළාත් පාලන ආයතනවල සිතියම් දැක්වෙන වාර්තාද අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත මැයිමස (02) භාරදීමට නියමිත බව එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අග්‍රාමාත්‍යවරයා වෙත ඉකුත්(11)භාරදුන් ලේඛනයේ සඳහන් ඒ් ඒ් පළාත් පාලන ආයතනවල කොට්ඨාසවල සංයුතිය සහ ඒ් හා බැඳුණු වෙනත් කරුණු සීමානීර්ණය කොමිෂන් සභා කාර්යාලය විමසීමෙන් හෝ දිස්ත්‍රික් ලේකම්වරන් විමසීමෙන් ලබන(18) ලබාගත හැකිවේ.
පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණයේදී අදාළ ලේඛනවල දැක්වෙන ඒ් ඒ් කොට්ඨාස බෙදා වෙන්කිරීම පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවලට සහ පුරවැසියන්ට ඒ් සම්බන්ධයෙන් හෝ ස්වකීය යෝජනා හා අදහස් ලබන (25) දක්වා කොළඹ 05, කිරුළපාර, මිනින්දොරු ජනරාල් කාර්යාලයීය ගොඩනැඟිල්ලේ පිහිටි සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව වෙත එවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව සකස් කළ යුතු වාර්තා අතරින් ඒ් ඒ් පළාත් පාලන ආයතන සඳහා වෙන්කළ කොට්ඨාස සංඛ්‍යාව, ඡන්දයෙන් තේරි පත්වන සභික සංඛ්‍යාව, කොට්ඨාසවල නම් හා අංක, කොට්ඨාසවල මායිම් හා ඒ් ඒ් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරි වසම් දැක්වෙන ලේඛන ඉකුත්(11) අගමැතිවරයා වෙත භාරදී තිබේ.