28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsකේරළ ගංජා ජාවාරමුන් හා නිධන් හොරුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

කේරළ ගංජා ජාවාරමුන් හා නිධන් හොරුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමානයෙන් කේරළ ගංජා ජාවාරමෙි යෙදුනු පුද්ගලයකු ලක්ෂ හතලිහක එනමි කෙරළ ගංජා කිලෝ දහසයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව එම විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත පොලිස් පොලිස් අධිකාරි එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) වත්තල පොලිස් වසමේ අංක 366/26, හරිස්චන්ද්‍ර දිසානායක මාවත, හැදල, වත්තල ලිපිනයේ දී වැටලීමක් සිදුකර මහා පරිමානයෙන් කේරළ ගංජා ජාවාරම් කල පුද්ගලයකු කේරළ ගංජා කිලෝ 16 යි ග්‍රෑම් 451 ක් හා ජංගම දුරකතන 01 ක් සන්තකයේ තබාගෙන සිටි හැදල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවු. 36 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ස්වාභාවික පරිසරය වනසමින් මහා පරිමානයෙන් අනවසරයෙන් නිධන් කැණීම් කරම්න් සිටි පුද්ගලයින් නව දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරි කේ.ජී.එන්. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.එම්.එස්.ඩී. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ දෙහිඅත්තකණ්ඩිය, නව නගරය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව ස්වාභාවික පරිසරයට හානි ගෙන පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ සොයා ගැනීමේ අරමුණින් අනවසරයෙන් මහවැලි අධිකාරියට අයත් ඉඩමක මහවැලි අධිකාරියේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස කැණීම් සිදු කරමින් සිටි දෙහිඅත්තකණ්ඩිය සහ මහියංගනය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 සහ 51 වයසේ පසුවන පුද්ගලයන් නව දෙනෙකු නිධන් හෑරීම සදහා යොදාගන්නා උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මාන්කුලමි රක්ෂිතය වනසමින් මහා පරිමාණයෙන් දැව කපා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය ‍කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය යාපනය කලාප අණදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරි ‌කේ.ආර්.ඒ. රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඩි.පි.යු. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ කිලිනොච්චිය ‍කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.පි. චමින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) පුනරින් පොලිස් වසමේ පරන්තන් – පුනරින් මාර්ගයේ, ශිවම් කෝවිල අසල ප්‍රදේශයේ සිදුකළ මාර්ග බාධක රාජකාරියක දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී දිගු කලෙක පටන් මාන්කුලමි රක්ෂිතයෙන් දැව ජාවාරම් කල බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස බුරුත දැව කඳන් 34ක්, ඉරන ලද බුරුත ලී 06ක් සහ ඉරන ලද පලු ලී 04ක් ටිපර් රථයක පටවා ප්‍රවාහනය කරමින් සිටි පරන්තන් සහ ධර්මපුරම් ප්‍රදේශවල පදිංචි වයස අවු. 24 සහ 21 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments