22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ස්වාධීන වෘත්තීය සමිති තිස්පහක් එක්ව පවත්වන ''වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය'දී කරුණු...

ස්වාධීන වෘත්තීය සමිති තිස්පහක් එක්ව පවත්වන ”වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය’දී කරුණු විසි එකක් අවධානයට ලක්කරන බව ප්‍රකාශ කරයි.

ස්වාධීන වෘත්තීය සමිති තිස්පහක් එක්ව පවත්වන ”වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය’දී කරුණු විසි එකක් අවධානයට ලක්කරන බව ප්‍රකාශ කරයි.

අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු- ජන පීඩනය හා මර්දනය පරදවමු” මැයෙන් මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පවත්වන මෙම මැයි රැලියට හා පෙළපාලියට වෘත්තිය සමිති, කම්කරුවන්, ගොවියන්, ධීවරයන්, කලාකරුවන්, වෘත්තිකයන් හා අනෙකුත් බහුජන සංවිධාන ඒකාබද්ධව ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දින පාගමනක් හා රැළියක් පැවත්වීමට සියළු කටයුතු සංවිධානය කරමින් තිබේ.

කම්කරු අයිතීන් වෙනුවෙන් එක්සත් වීමේ වැදගත්කම, වැඩකරන ජනතාවට එරෙහි රාජ්‍ය මර්දනය පරාජය කිරීම, ආර්ථික වශයෙන් ජනතාව මත එල්ල වී ඇති ජන පීඩනය පරාජය කිරීම තම සංවිධාන මත පැවරී ඇති මගහැරිය නොහැකි වගකීමක් බව ඔවුන් ප්‍රකාශකර සිටී.

ඒ් අනුව ඒම කරුණු නම් ජනතාව මර්දනයට ගෙනෙන PTA, ATA හකුලා ගනු, මහජන දේපල විකිණීම වහා නවතනු, උතුරේ හා දකුණේ ජනතාවගේ ඉඩම් කොල්ලය වහා නවතනු, උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබා දෙනු, රාජ්‍ය මර්දනය වහා නවතනු, කම්කරු නීති සංශෝධනය හකුලා ගනු, IMF යෝජනාවලට ETF, EPF බිලි නොදෙනු, අසාධාරණ බදු සංශෝධනය කරනු, “Express Pearl” වන්දිය ලබා ගනු, ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් තහවුරු කරනු, පරිසර සංහාරය වහා නවතනු,C189 & C 190 අපරානුමත කරනු, සියලු ආර් ථික අපරාධකරුවන්ට දඬුවම් දෙනු,අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් වෘත්තිය අයිතීන් මර්දනය නවතනු,ගොවි ජනතාවගේ ඉඩම් කොල්ලය වහා නවතනු, පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වහා පවත්වනු, අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු කරනු, IMF සහ ආණ්ඩුවේ ව්‍යාජ සමාජ ආරක්ෂණය වෙනුවට සැබෑ සමාජ ආරක්ෂණයක් ඇතිකරනු, රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීම, සමාජ ආරක්ෂණය සඳහා පියවර ගනු, ප්‍රකාශනයේ භාෂණයේ නිදහස තහවුරු කරනු, සියල්ලන්ගේම අධ්‍යාපන සහ සෞඛ්‍ය අයිතීන් තහවුරු කරනු,
රට තුළ පවතින ඖෂධ, ප්‍රතික්‍රීයක ඇතුළු සෞඛ්‍ය සැපයුම් හිගයට විසදුම් ලබාදෙනු‍ යන්නයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments