ලෝකවාසි වැඩකරන ජනතාව තවත් අභිමානවත් කම්කරු දිනයක් අද (01) සෑමරනු ලබයි. මෙවර එකසිය තිස්හත්වන වරට කම්කරු දින සැමරුම සිදුකරයි.
පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් 1886දී කම්කරුවෝ පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වී එම පාලකයින්ට එරෙහිව විරෝධතාවයක නිරත වූ අතර එම විරෝධතාවය දිනකිහිපයක් පුරා පැවති අතර එහිදි කම්කරුවන් කිහිප දෙනකු මියගියහ. ඒ් කම්කරුවන්ගේ රතු රුධිරයෙන් තෙත්වු කම්කරු දිනය අද දක්වාම සිය වෘත්තීය ගැටලු සාකච්ඡා කරමින් එම ගැටලු පාලකයින්ට ඉදිරිපත් කරමින් කම්කරු දිනය සැමරීමට වැඩකරන ජනතාව පෙලගැසි සිටිති.
චිකාගෝ විරෝධතාවයේදී එරට පොලීසිය මෙම විරෝධතාවයට ප්‍රහාර එල්ල කළ අතර මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වසර 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව ලොව පුරා බොහෝ රටවල් වාර්ෂිකව කම්කරු දිනය සැමරීම සිදු කරයි.පෙළපාළි ,රැළි සහ විවිධ උත්සව සංවිධානය කරමින් ලෝක කම්කරු දිනය සමරනු ලබයි
කොවිඩ් 19 වසංගතයෙන් පසු හා ආර්ථික අර්බුද හමුවේ ජීවත්වීමට සරිලන වැටුපක් ලබාගැනීම මැද ජීවන අරගලය ගෙන යමින් සිය වෘත්තීයන්ට බලපාන විවිධ ගැටලු ගැන මෙම සැමරුම් රැස්වීම්වලදි කම්කරු ජනතාව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාවද 1933 සිට සිය කම්කරු දින සැමරුම සිදුකරන අතර ඔහුන්ද කොවිඩ් 19 වසංගතයෙන් පසු රටේ ඇතිවි තිබෙන ආර්ථික අර්බුදය, අත්‍යාවශ්‍ය සේවා හා භාණ්ඩ මිල ඉහල යෑම හමුවේ ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබීම යන කරුණු සහා රැකියා සූරක්ෂිත කර ගැනීම වැනි කරුණු ගැන මෙම මැයි රැලිවලදී සාකච්ඡා කෙරෙනු ඇත.
මෙහිදි විවිධ වෘත්තීයන්ට අදාලව හා දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති තමන්ගේ ගැටලු පිළිබඳ මැයි දින රැලිවලදි සාකච්ඡා කිරීමටත් ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටියි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ‘ජයගමු‘ තේමාව ඔස්සේ සිය මැයිදින රැලිය ජාතික සේවක සංගමය මුල්කරගෙන තරුණ පෙරමුණ හා ලක්වනිතා පෙරමුණ ඇතුළු පක්ෂයට සම්බන්ධ සියලු බහුජන සංවිධාන එක්කර ගනිමින් මෙවර මැයි රැලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු‘ මැයෙන් මැයි රැලිය සිය වෘත්තීය සමිතිවල සභභාගිවයෙන් කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී සවස 2.00ට ආරම්භ කෙරේ.
සමගි ජනබලවේගය එහි වෘත්තීය සමිති පෙරටු කරගෙන පක්ෂයේ නායක,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලිය සවස 3.00ට පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර එහි පෙළපාලිය මාළිගාවත්ත පී.ඩි.සිරිසේන ක්‍රීඩංගණය අසලින් දහවල් 1.00ට ආරම්භ කෙරෙනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැලිය ‘ රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදා ජනතාවාදි පාලනයක් ගොඩනගමු‘ යන තේමාව ඔස්සේ කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසලදි එම පක්ෂයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති,තරුණ හා කාන්තා සමිති එක්ව මැයි රැලිය සවස 4.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර පෙළපාලිය සවස 2.00ට හැව්ලොක්ටවුන් බී.ආර්.සි ක්‍රීඩංගණය අසලින් ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘නිවහල්වෙමු සවිමත් වෙමු‘ යනතේමාව ඔස්සේ සිය වෘත්තීය සමිති සමග එක්ව මැයි රැලිය මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිට සවස 1.00ට පැවැත්වේ. දැයේ උන්නතියට කැපවුණු වැඩකරනජනතාවගේ මැයි රැලිය ලෙස මෙය හඳුන්වා තිබේ.
පෙරටුගාමි සමාජවාදි පක්ෂය සිය වෘත්තීය සමිතිවන කම්කරු අරගල මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟපීඨයේදි සවස සවස 3.00ට පැවැත්වේ. මැයි පෙළපාලිය සවස 1.00ට දෙල්කඳ මංසන්දියෙන් ආරම්භ කෙරෙනු ඇත. මෙම මැයි රැලියේ තේමාව වී ඇත්තේ ‘අයි.එම්.එෆ්. මර උගුලට, ඉන්දියන් අමෙරිකා යටත්විජිතකරණයට එරෙහිව වැඩකරන ජනතා බලයක්‘යනුවෙනි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ලෙස්ලි දේවෙන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිංහල වෙළෙද පෙරමුණ ශාළාවේදී පෙරවරු 9.30ට පැවැත්වේ. මෙහි තේමාව වී ඇත්තේ ප්‍රතිත්‍රස්ත පනත,බදු සංශෝධන පනත එරෙහීවීම හා රාජ්‍ය ආයතන නිර්දේශපාලනය කරමු යන්නයි. මෙහිදි ආචාර්ය චමිල් ලියනගේ හා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු විශේෂ දේශන පවත්වනු ඇත.
ලංකා බැංකු සේවක සංගමය සමග එක්වන නිදහස් වෙළෙඳකලාප පොදුසේවක සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති තිස්පහක් එක්ව පවත්වනු ලබන ‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු – ජනපීඩනය හා මර්දනය පරදවමු ‘ මැයෙන් පවත්වන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය මාලිගාවත්ත පී.ඩි.සිරිසේන ක්‍රීඩාංගණයේදී සවස 3.00ට පැවැත්වේ. පෙළපාලිය සවස 1.00ට කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කෙරේ.
මේ අතර ඉලෙංගෙයි තමිල් අරසු කච්චු පක්ෂය සංවිධානය කරන මැයි රැලියක් සවස 2.00ට සුපුරුදු පරිදි යාපනය නගර මැද පවත්වන අතර මඩකලපුවේදීද විශේෂයෙන් ධීවර ගැටලු මුල් කරගත් මැයි රැලියක් කලුවන්කර්නි නම් ධීවර ගම්මානයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන තිබේ. මෙම රැලිවලදි වසර කිහිපයක සිට ගොවීන් හා ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට කටයූතු සංවිධානය කර තිබෙන අතර මෙම ගැටලුව මෙරට පාලකයින්ට දැනුම් දුන්නත් ඊට විසඳුම් නොලැබුණු තැන ජාත්‍යාන්තරයට හෝ මෙම ගැටලු කියන්න නැඟෙනහිර මැයි රැලිය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.ආර්.රාසමානික්කම් මහතා පැවසීය
ලංකා පොදු වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමය (සි.එම්.යු.) සංවිධානය කරන මැයි රැලිය පෙරවරු 9.30ට කොල්ලුපිටිය බාලාතම්පෝ පටුමගේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේදී රැස්වීමක් පවත්වා පසුව කොල්ලුපිටිය තුල පෙළපාළියක් පෙරවරු 11.30ට යනු ඇත. ‘වැඩකරන ජනතාවට ජීවන වැටුපක් දිනා ගැනීමට සටන් කරමු‘ ඇතුළු තවත් තේමා කිහිපයක් ඔස්සේ මෙය පැවැත්වේ.
ලංකා කම්කරු කොංග්‍රසය මෙවර එහි නායක ඇමැති ජීවන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලියක් පවත්වන්නේ නැති අතර මැයි දිස සැමරුම වෙනුවෙන් සිය ශාඛා තිබෙන වතු ආශ්‍රීතව රැස්වීම් පනහක් සංවිධානය කරනු ඇත. මෙහි තේමාව වනුයේ වතු කම්කරු ජනතාවගේ අයිතීන් සුරකිමු‘ යන්නයි. මෙම රැස්වීම් උදෑසන කාලයේ එක වේලායක පැවැත්වීව විශේෂයකී.
මේ අතර නිදහස ජනතා සභාව ‘නිදහස රටටමැයි’ තේමාව ඔස්සේ පවත්වන මැයි රැලිය මහනුවර සහශ්‍ර උයනේදි සවස 3.00ට පවත්වන අතර එහි පෙළපාලිය සවස 1.00ට මහනුවර නගර සභාව අසලින් ආරම්භ කෙරෙනු ඇත.
දමිල ප්‍රගතිශීලි සන්ධානයට අයත් වෘත්තීය සමිති ඒ් වතුවල මැයි රැස්වීම් පවත්වන අතර පොදුවේ විශාල මැයි දින සැමරුවක් සිදුනොකිරීමට තීරණය කර තිබේ.
ලංකා ජාතික වතුකම්කරු සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සූරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාජික සමාජිකාවන්ගේ සහභාගිත්වයේන දහවල් 1.00ට බදුල්ල නගරයේ රැස්වීමක් පවත්වන අතර පෙරවරු 10.00ට පෙළපාලියක් ආරම්භ කෙරේ.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ මැයි රැලිය කොළඹ සම්බුද්ධජයන්ති මන්දීරයේ ශ්‍රවණාගාරයේදී සවස 2.00ට එම පක්ෂ නායක රුක්ෂාන් මාලින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රාජ්‍ය කලමනාකරණ නිලධාරින්ගේ සංගමය මෙහෙයවන මැයි රැස්වීමක් කොළඹ ලිපිකරු සංගම් ශාලාවේදී උදේ 10.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.