චමරි වික්‍රමසිංහගෙනි.
සියුම් ය ඉසියුම්ය
වලා වැලක තරම්ම
සැහැල්ලු වන්නී
දිය දෝතක් තරම්ම
පිරිසිඳුය.
පිදූ පෙම නිකලැල් ය
ඈ දරන්නී
ගෙවි ගෙවි ගිය දින
අපමනය
දාවලද රාත්‍රියද
නොවෙනස් ය
ඒ අහස ස්තිරය
ඒ එබැවින් ය.
ජූගුප්සාජනක සිතිවිලි ය
මේ නුඹමද කියා සිතමින්ම
මේ සා දුර පැමින හැරනෙමි
පා,යට තැබූ ප්‍රේමයම
නුබටම තබා යන්නෙමි.
සියුම් ඉසියුම් ලලනාව
කෝ කොහිද ඈ
බරති හිසිනි හදවතිනි
පිය නගන්නී
නිකැලැල් පෙම හදවතෙහි
දරන්නී
තවත් ඈ උල්පත් ජලය සේ
පිරිසිඳුම වන්නී..
මියගියත් ඈ
මිහිදන් නොවන්නී.