26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsවිෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කුවන් හා මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කුවන් හා මත්ද්‍රව්‍ය එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික්ගේ ගෝලයෙකු වන මහමරක්කලගේ චමින්ද කුමාර සිල්වා හෙවත් බඩෝවිට ලොකු මල්ලී හෙරොයින් සහ තියුණු ආයුධ සමගපොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපය) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කළාපය) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) දෙහිවල පොලිස් වසමේ එස්. මලලසේකර, අංක 133, වැවපාර, අත්තිඩිය යන ලිපිනය ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත. එහිදි සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ ගෝලයෙකු වන මහමරක්කලගේ චමින්ද කුමාර සිල්වා හෙවත් බඩෝවිට ලොකු මල්ලී නැමැති දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 300 ක් හා තියුණු ආයුධ දෙකක් සන්තකයේ තබාගෙන කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම අත්ඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් 300,000.00 ක් පමණ වේ.

හෙරොයින්, කේරළ ගංජා හා අයිස් යන මත්ද්‍රව්‍ය තුනම ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මඩකලපුව සේනාංකය භාර සහකාර පොලිස් අධිකාරී ඩී.සී. වෑවිටවිදාන මහතාගේ අධීක්ෂණය මත අම්පාර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) බන්ඩාරදූව පොලිස් වසමේ වෑරැන්කැටගොඩ, මායාදුන්න, 30 කොළණිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර කලෙක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු කේරළ ගංජා ග්‍රෑම් 116, මිලි ග්‍රෑම් 230 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 140 ක්, හෙරොයින් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 290 ක් යන මත්ද්‍රව්‍ය තුන්වර්ගයම හා විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ඇසුරුමි කිරීමට යොදාගන්නා ලද සෙලෝපේන් රෝල් 02 ක්, ජංගම දුරකථන 06 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ඩාරදූව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාසයේහි පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණය තුළ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 010 ක් (පැකට් 660) සන්තකයේ තබාගෙන සිටි මාලිගාවත්ත, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38, 54 ක් වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම සැකකරුවන්ගෙන් වැඩි දුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වූ දෙමටගොඩ චමින්ද යන අයගේ පුත්‍රයා වන මලීෂ ආකාෂ් යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments