මෙරට දේශීය සිනමාවේ හැටේ දශකයේ අග සිට හැත්තෑව දශකය එකලෙස සිනමා නිර්මාණ කරමින් සිනමාශාලාවලට ප්‍රේක්ෂකයින් කැඳවමින් එම ශාලාවට චිත්‍රපට නැරඹීමට සිනමා රසිකයින් පොරකන යුගයක් නිර්මාණය කළ දැවැන්තයෙක් ‘නීල් රූපසිංහ‘ මහතා පිළිබඳ රචිත ‘මම නීල් ‘ කෘතිය එළි දැක්වීම ඉකුත් (26) වත්තල රාම් සිනමාශාලා සංකීර්ණයේදී සිදුකෙරිණි.
මම නීල් කෘතිය රචකයා සම්මානනීය ලේඛීකා පවිත්‍රා රූපසිංහය. ඇය රූපසිංහ කෙනකු වුණාට නීල් මහතාගේ ඥාතියකු නොවන බව මෙම ග්‍රන්ථ එළි දැක්වීමේ උත්සවයේ දේශනයක් පැවැත්වු ප්‍රවීන ලේඛක බුද්ධදාස ගලප්පත්ති මහතා පැවසීය.
‘දැන් මතකද‘, ‘හතරදෙනාම සූරයෝ‘,‘යකඩයා‘, ‘අමල්බිසෝ‘,‘ආදරේ හිතෙනවා දැක්කම‘,ලස්සන කෙල්ල හා නව හතරදෙනාම සූරයෝ වැනි චිත්‍රපට සිනමාවට දායදය කළ රුපසිංහයන් මෙරට සිනමාවේ වඩාත්ම ජනප්‍රිය නළුනිළ යුවළ ලෙස අදටත් කව්රුත් කතා කරන විජය මාලනි යුගයක් ඇති කරන්නද පුරෝගාමිවූයේය. දකුණු ඉන්දියානු සිනමා ආකෘතියක ගමන් කරමින් සිටි අපේ සිනමාපටවලට බටහිර සිනමා ආකෘතියක් ඇති කිරීමට රූපසිංහගේ සිනමාපටවලට හැකිවිය. එම මෙරට සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබු සිනමාපට වීමට සුවිශේෂි කරුණකි.
මෙම කෘතිය රූපසිංහයන් පිදුම ලබාදී තිබෙන්නේ ඔහුගේ දයාබර බිරිඳ රත්නා වෙතය.
මේ සුවිශේෂි ග්‍රන්ථ එළි දැක්වීම හා ඔහුගේ උපන්දින උත්සවයට මෙරට ප්‍රවීන කලාකරුවෝ,දේශපාලඥයෝ,නව පරපුරේ කලාකරුවෝ, නිල්ගේ සිනමා ප්‍රේක්ෂකයෝ,මාධ්‍යවේදීයෝ හා ඒ මහතාගේ හිතවතුන් එක්ව සිටි අයුරු දක්නට ලැබුණහ.
‘මම නීල්‘ ෆාස්ට් පබ්ලීෂන් (ප්‍රයිව්ට්)ලිමිටඩ් ප්‍රකාශනයකී.













සටහන- අනුර ප්‍රේමලාල් / ඡායාරූප – තුෂාර ප්‍රනාන්දු