ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ අධාර ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකායේ සම්බන්ධිකරණයෙන් සිදුවන දුෂ්කර පළාත්වල පදිංචි අධ්‍යාපනය ලබන දූදරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක “අඳුරෙන් එළියට” සමාජ සත්කාරක වැඩසටහන මෙවර දසවන වන වසරටත් (12)පැවැත්විණි.
එය විශේෂ කාර්ය බලකායේ හා මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හර්ෂනී සමීරා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මොණරාගල කලාපයේ විදුලි බලය නොමැතිව අධ්‍යාපන කටයුතු සිදුකරන පාසල් දරුවන් සඳහා සූර්ය ශක්ති ආලෝක කට්ටල 103ක් බෙදාදීම එදින මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේදි සිදු කෙරුණි.
මෙවර මෙම සූර්ය ශක්ති ආලෝක කට්ටල සඳහා මූල්‍ය ආධාර දායකත්වය ඕස්ට්‍රේලියාවේ පදිංචි නලීන් මහතාගෙනි.ඒ් මහතාගේ ගේ හැත්තෑවෙනි ජන්ම දිනය නිමිති කොට මෙම දායකත්වය ලබාදි තිබේ.මෙම සමාජ සත්කාරක වැඩසටහන ආරම්භ කර පුරා වසර 09 ක් සම්පූර්ණ කර සූර්ය ශක්ති ආලෝක කට්ටල 3000කට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා ලබා දී ඇත.පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම මහඟු සමාජ සත්කාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන අතර වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා ඒ සඳහා අවශ්‍ය නියෝග, උපදෙස් හා මගපෙන්වීම සිදුකරනු ලබයි.
