මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන බඩෝවිට නලින්ගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය සමග එස්.ටී.එෆ් නිලධරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදුකර ඇත.
ඒ් අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශය III හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශය III හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පො.ප. ඒ.එන්.ටී. කුමාර් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) ගල්කිස්ස පොලිස් වසමේ දී වැටලීම් 03 ක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 162,000.00 ක්, කේරළ ගංජා කිලෝ 05, ග්‍රෑම් 320 ක් හා මත් පුවක් හා දුම්කොළ මිශ්‍ර මාවා කිලෝ 16, ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොවුන් තිදෙනා දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශ වල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බඩෝවිට නලින් නැමැත්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් තිදෙනා බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන එගොඩගේ තනූජ සම්පත් නොහොත් හඳයාගේ ප්‍රධාන ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක කේ.එල්.එස්.ඩී. කාරියවසම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) මීගොඩ පොලිස් වසමේ අංක 15, මීගොඩදෙනිය, මීගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි මීගොඩදෙනිය, මීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන එගොඩගේ තනූජ සම්පත් නොහොත් හඳයා යන අය සමග සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙරට තහනම් කරන ලද වල්නාශක තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (15) බෝගහකුඹුර පොලිස් වසමේ අංක 99, අඹේවෙල පාර, බෝගහකුඹුර ප්‍රදේශයේ දී සහ නුවරඑළිය පාර, වැලිමඩ නගරයේ දී වැටලීම් සිදුකරමෙරට තහනම් කරන ලද පළිබෝධනාශක සන්තකයේ තබාගෙන සිටි බෝගහකුඹුර සහ වීරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ත් 53 ත් වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඌව පළාත් කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක වැලිමඩ ශාඛාවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක (බලයලත් නිලධාරි) වෙත භාර දී ඇත.
එහිදි තහනම් කරන ලද පළිබෝධනාශක (ANU 71) ග්‍රෑම් 100 පැකට් 318 යි,KHAMBBA PIPRONIT 80% WG වර්ගයේ ග්‍රෑම් 02 පැකට් 136 යි,VIRTAKO 40WC වර්ගයේ ග්‍රෑම් 04 පැකට් 180ක්, ROCKET වර්ගයේ ග්‍රෑම් 10 පැකට් 340ක්, PRISON වර්ගයේ ග්‍රෑම් 10 පැකට් 378ක්, KILLER වර්ගයේ ග්‍රෑම් 10 පැකට් 100ක්, ANUCRON වර්ගයේ මිලි ලීටර් 100 දියර ප්ලාස්ටික් බෝතල් 09ක්, ATOP ON වර්ගයේ මිලි ලීටර් 10 දියර ප්ලාස්ටික් බෝතල් 64ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කේරළ ගංජා යතුරු පැදියෙන් ප්‍රවාහණය කරමින් ජාවාරමෙි යෙදුන පුද්ගලයකු කේරළ ගංජා කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම් සුමනවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි ඩි.පි.යු. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.05.14 වන දින එචි.ඩි.කේ. විතාරණ පොලිස් වසමේ පොයිට්ටි, ඉලවාලි ප්‍රදේශයේ දී සිදුකළ මාර්ග බාධක රාජකාරියක දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 990 සන්තකයේ තබා ගනිම්න් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ඉලවාලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු දිගු කලෙක පටන් යතුරු පරදියෙන් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් ජාවාරමෙ යෙදුන බවට කරුණු අනාවරණය වි ඇත.