26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්බුදුන් වහන්සේට දැනුම්වත්ව අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු, රට ගිනි ඇවිලවීමට ඇතැමුන් යොදා...

බුදුන් වහන්සේට දැනුම්වත්ව අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු, රට ගිනි ඇවිලවීමට ඇතැමුන් යොදා ගන්නා භයානක හස්තයක්!”-ජ.නි.පෙ. පා.ම. මොහොමඩ් මුසම්මිල්

ආගමික ශාස්තෘවරයකුට එරෙහිව කරන ප්‍රකාශ මගින් මුළුමහත් සමාජයකට ගිනි ඇවිලවිය හැකි බවත් ඒ බව හොඳින් දන්නා ඇතැම් බලවේග රට තුළ පවතින සාමකාමී වාතාවරණය විනාශ කිරීමට බුදුන් වහන්සේට දැනුම්වත්ව අපහාස කරන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා යොදා ගෙන ඇති බවත් ඔහු එම බලවේගයන් සතුව ඇති භයානක හස්තයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

අද(17) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එනිසාම ජෙරොම් ප්‍රනාන්දු පිටුපස සිටින බව පෙනෙන ‘ටයි-කෝට් මහත්වරුන්ගේ පැටිකිරිය’ පිළිබඳවත් විශේෂයෙන් පසුගියදා අල් – ජසීරා නාලිකාව මඟින් අනාවරණය කළ ජාත්‍යන්තර මූල්‍ය විශුද්ධිකරණයට සම්බන්ධ සිම්බාබ්බේ ජාතිකයා සහ ඔහු අතර වන රහසිගත ගනුදෙනු පිළිබඳවත් රට හමුවේ අනාවරණය කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවට ඒ මහතා අවධාරණය කරයි.

දැනටමත් ආගමික සහජීවනයට බාධා පමුණුවමින්, මහජන කැළඹීමකට මග පාදමින් රටින් පිටව ගොස් ඇති මේ තැනැත්තා, ‘ඉරිදා මම ලංකාවට එනවා. ඒ අවස්ථාවට ඔබ පවුල් පිටින් ඒකරාශී වන්න’ යැයි තවදුරටත් ඉල්ලීම් කිරීමෙන් පෙනී යන්නේ ඔහු පිටුපස සිටින බලවේග තුළ තිබෙන මේ රටට ගිනි ඇවිලවීමේ බරපතළ වුවමනාව බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම රටින් පිටව ගිය පසු ජෙරොම් ප්‍රනාන්දු සාකච්ඡා කළේ කවුරුන් සමග ද, හමු වූයේ කුමන බලවේග ද, යන කරුණු ජාතික ආරක්ෂාව හා බැඳී ඇති බැවින් ඒ පිළිබඳව ද ආණ්ඩුව කඩිනම් විමර්ශනයක් කළ යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments