29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්සංහිඳියාවට වැටබඳින  අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සංහිඳියාවට වැටබඳින  අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා පසුගිය දිනක සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අප්‍රසාදය පළ කරන අතර එම ප්‍රකාශයටම උරුම පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

සංහිඳියාවට වැටබඳින  අවිචාරවත් ප්‍රකාශ හෙළා දකිමු!

නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස මේ දේව ගැතිවරයාගේ මෘග්ධ ප්‍රකාශය පිළිබඳව අතිශයින්ම කනගාටු වෙමි .
⏺️අන් කවරදාටත් වඩා සංහිඳියාව,සහෝදරත්වය සහ මානව බැඳීම ශක්තිමත්ව ගොඩනගා ගතයුතු වකවානුවක අප ජීවත් වන අතර මෙවැනි වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් ද,වෛරයේ සහ කෝපයේ දුර්ගුණද ඇති වීමේ බරපතළ අවදානමක් පවතී.

මේ රට චිරාත් කාලයක් මුළුල්ලේ නිර්මල බුදු දහමෙන් පෝෂණය වී ඇති අතර බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුලු විශ්වයටම පොදු වූ දහමකි. එය වෛරය වෙනුවට අවෛරයත්,අවිචාරය වෙනුවට විචාරයත්,සියලු සත්වයා කෙරෙහි මහා කරුණාවත් ලොවට කියා දුන් ධර්මයකි.

 ⏺️සෙසු සියලු ආගම් වලට ගරු කිරීම මෙන්ම එම ආගම් ඇදහීමට නිදහස් අවකාශයක් ලබාදීමට බුදුදහමෙහි පවත්නා සහනශීලී ප්‍රතිපදාව හේතු වී ඇති බව අවධාරණය කළ යුතුය.

එකී සහනශීලී ප්‍රතිපදාව අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගනිමින් විවිධ පුද්ගලයින්ට සහ විවිධ කල්ලි වලට බුදු දහම ඉලක්කකොට දුර්මත සහ අවිචාරවත් ප්‍රකාශ නිකුත් කිරීමට කිසිදු අයිතියක් නැත.

ඒ පිළිබඳව අප මෙන්ම මුළුමහත් රටම දැඩි අවධානයකින් පසුවන බව සිහිපත් කළ යුතුය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments