22.4 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන ගොඩනැඟිල්ල කොවිඩ්19 හෙවත් වසා...

පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන ගොඩනැඟිල්ල කොවිඩ්19 හෙවත් වසා දමයි

පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන ගොඩනැඟිල්ල කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වයක් නිසා වසා දමා ඇති බවට එහි සභාපති ගාමිණි සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණත් එවැනි තත්ත්වයක් නොමැති බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා තමා වෙත වාර්තා කර තිබෙන බව සමුපකාර කොමසාරිස් රුවිනි විජේවික්‍රම මහත්මිය කියා සිටියාය. 

මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වු එහි අධ්‍යක්ෂවරයකුවන ආර්.ඒ.එස්. ජයවර්ධන මහතා කියා සිටියේ  (03) පැවැත්වීමට නියමිත අධ්‍යක්ෂ මණ්ඬල රැස්වීම කඩාකප්පල් කිරීමට සභාපතිවරයා මේ උපක්‍රමය යෙදු බවයි. මේවන විට රුපියල් අසුපහක් වැනි මිලගණන් යටතේ පාරිභෝගිකයාට ලබාදීය යුතු සීනි මිටි අසූවක් හොර රහසේම පුද්ගලිකවම  විකුණා ඇති බවටද කරුණු අනාවරණය වෙමින් පවතින බවද ඊට අමතරව පුරප්පාඩුව පවතින අධ්‍යක්ෂ තනතුරු සඳහා දෙදෙනකු පත් කිරීමට නියමිතව ඇති අතර එය වැළැක්වීම සඳහාද සභාපතිවරයා මේ උප්පරවැට්ටිය යොදා තිබෙන බවට කරුණු සඳහන් වේ. මහජන සේවා සඳහා තිබෙන මෙවැනි ආයතන පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවීම පිළිබඳ අදාල බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments