29.1 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්"සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය, රට හදන අයවැයක් තමයි මෙවර ඉදිරිපත්වී තිබෙන්නේ....."

“සාම්ප්‍රධායිකත්වයෙන් ඔබ්බට ගිය, රට හදන අයවැයක් තමයි මෙවර ඉදිරිපත්වී තිබෙන්නේ…..”

“2008 සිට අපි පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා. ඉතිහාසයේ අපි පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයං පෝශිත වූ රාජ්‍යයක්. නමුත් ජනගහන වර්ධනයත් සමග වර්ධනය වූ විදුලිබල ඉල්ලුම සපුරාගන්න පොසිල ඉන්ධන භාවිතයට යොමුවුණා. අපේ ජනාධිපතිතුමා වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වයක 70% ක් දක්වා වර්ධනය කළ යුතුයි යන ඉලක්කයක් අපට ලබාදී තිබෙනවා. ඒ ඉලක්කය ජයගැනීමේ පියවරක් හැටියට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100ක දායකත්වයක් ලබාදිය හැකි මන්නාරම් සුළංබල උද්‍යානය මේ මස 08 දින ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න සියල්ල සූදානම් කර තිබෙන්නේ” යැයි සූර්යබල, සුළං සහ විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (02) පෙරවරුවේ මෙවර අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

 මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දිසානායක මහතා,

“2008 වසරේ තමයි අපි සුළංබල විදුලි ජනනය ආරම්භ කරන්නේ. එදා පටන් වසර 12 ක් තුළ අපට හැකිවී තිබෙන්නේ මෙගාවොට් 148 ක ප්‍රමාණයක් පමණයි. මන්නාරම සුළංබල ව්‍යාපෘතියට පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කලේ 2014 දී. 2019 දීතමයි එහි වැඩ ආරම්භ කරන්නේ. මේ ව්‍යාපෘතිය සදහා වසර 06 ක් ගතවී තිබෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මෙම ව්‍යාපෘති සඳහා යන කාලසීමාව අවම කරගැනිමට. මන්නාරම සුළං බලාගාරය ඉදිකිරීම වෙනුවෙන් රු. බිලියන 25 ක් වැයවී තිබෙනවා. නමුත් මේ සුළං බලාගාරයෙන් ඒකකයක් නිපදවීමට රු. 7.90 ක් තමයි වැය වෙන්නේ. මේ වනවිට ජනතාවට ලබාදිය හැකි වඩාත්ම සුදුසු සහනයක් තමයි විදුලිබිල අවම කරගැනීම. ඒ සදහා මෙවැනි මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි ජනනය සදහා වැඩි වශයෙන් යොදාගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මෙමගින් වසරකට කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනක් පරිසරයට එකතුවීම වැළැක්වීමේ හැකියාව ලැබෙනවා. මෙය සමස්ත ලෝකයටම මිල කරන්න බැරි  සේවාවක් වනවා. මෙමගින් ජනතාවට නිදහසේ හුස්ම ගැනිමේ වටපිටාවක් ඇති කරදීම ඉතාමත් වැදගත්. තවත් සුවිශේෂී කරුණක් තමයි, මෙම බලාගාරය නොහැදුනානම්, ඩිසල් බලාගාර වෙනුවෙන් විශාල මුදලක් විදේශය්න කරා ගලා යාම. මේ හේතූන් සලකා බැලුවම, මන්නාරම ඉදිවූ මෙම සුළං බලාගාරය විදුලිබල ක්ෂේත්‍රයට වගේම රටේ ආර්ථිකයටත් විශාල ශක්තියක්” යැයි පැවසීය.

මෙවර අයවැය සම්බන්ධයෙන් අදහස්  දැක්වූ අමාත්‍ය දිසානායක මහතා,

“අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව රැකියා ලක්ෂයක් ලබාදුන්නා. එතුමාට අවශ්‍ය වුනේ අඩු ආදායම්ලාභී පවුල් වලින් ලක්ෂයක පිරිසක් රාජ්‍ය සේවයට එක්කිරීමයි. ඒ අනුව එතුමා රට දියුණූ කරන්න, ජනතාව නගා සිටුවන්න සිතනවා පමණක් නොවෙයි, ඒ සිතන දේ ක්‍රියාවට නංවන නායකයෙක් බව අද ඔප්පු කරලා තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය වශයෙනුත් අප සැලසුම් කරලා තිබෙනවා පවුල් ලක්ෂයක් වෙනුවෙන් නොමිලයේ විදුලිය ලබා දෙන්න. සමෘද්ධි ප්‍රථිලාභී පවුල් ලක්ෂයක් තෝරාගෙන, කිලෝවොට් 5 ක විදුලියක් නිපදවීමට හැකි සූර්ය පැනල පද්ධතියක්  දේශීය බැංකු ණයක් යටතේ ලබාදිලා, ඒ අය ජාතික විදුලිබල පද්ධතියට එකුතු කිරීමට අප සැලසුම් කරලා තිබෙන්නේ. රු. 1500ක් ආණ්ඩුවෙන් ලැබෙනකල් බලාගෙන සිටිය සමෘද්ධි පවුල් ලක්ෂයක් විදුලි නිෂ්පාදකයින් බවට පත්කරලා, ඔවුන්ට ඔවුන්ගේම  දෙපයින් නැගීසිටීමට සැලස්වීම තමයි අපේ ඒකායන අධිෂ්ඨානය. සමෘද්ධි පවුල් වැඩිවෙනවා කියන්නේ දුප්පත්කම වැඩිවනවා කියන එකයි. ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉතාමත් පැහැදිළිව මේ රට හදන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තිබෙන්නේ. සාම්ප්‍රධායිකත්වයෙන්  ඔබ්බට ගිය, රට හදන අයවැයක් තමයි මෙවර ඉදිරිපත්වී තිබෙන්නේ. මෙවැනි ගුණාත්මක හරවත් වෙනසක් තුළින් ජනතාව ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් කිරීමට අපේ අමාත්‍යාංශය පැත්තෙන් ලැබිය යුතු උපරිම සහයෝගය අපි ලබාදෙනවා” යැයි පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments