23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsදිගු කාලයක් මත්කුඩු ජාවාරමේ සිටි කාන්තාවන් දෙදනකු හා පාසැල් දරුවන්ට මත්පෙති...

දිගු කාලයක් මත්කුඩු ජාවාරමේ සිටි කාන්තාවන් දෙදනකු හා පාසැල් දරුවන්ට මත්පෙති බෙදු දෙදනකුද එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

දිගු කලෙක පටන් හෙරොයින් ජාවාරමෙි යෙදුන කාන්තාවන් දෙදෙනෙකු ජාවාරමෙන් උපයාගත් මුදල් ද සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවබස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.බි.ඒ. මධුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) මට්ටක්කුලිය පොලිස් වසමේ අංක 47/එල්/3, සමිත්පුර, මට්ටක්කුලිය, කොළඹ 15 ලිපිනයේ ලිපිනයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 020 ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් සිදුකල මට්ටක්කුලිය, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් සහ 47 ක් වන කාන්තාවන් දෙදෙනෙකු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 63,830.00 ක මුදලක් සහ ජංගම දුරකථන 02 ක්, සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

පාසල් ළමුන්ට මත්පෙති බෙදු පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු මත්පෙති සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් iii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් iii හි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ, දුටුගැමුණු මාවතේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පෑලියගොඩ ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්කකර ගනිමින් අලෙවි කිරිමට සූදානම් කර තිබු pregabalin 150 mg වර්ගයේ මත් පෙති 400 ක් සන්තකයේ තබාගෙන සිටි පුදුකුඩිරිප්පු, මුලතිව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments