දිගු කලෙක පටන් ත්‍රී රෝද රථයෙන් අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ප්‍රවාහනය කරමින් ජාවාරමෙි යෙදී සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) වත්තල පොලිස් වසමේ වත්තල, හැදල මාර්ගයේ පිහිටි පාලම අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 90 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලි ග්‍රෑම් 440 ක් ඩිජිටල් තරාදියක, මුදල් රුපියල් 14,900.00 ක් ජංගම දුරකථනයක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් කිරීම සඳහා ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු දිර්ඝ කලෙක පටන් ත්‍රිරෝද රථයෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාම සුක්ෂම ව සිදුකර ගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.
ඉවුරු ඛාදනය වන ලෙස කළු ගඟේ මහා පරිමාණයෙන් පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක කේ.ජි.එන්. ලීලාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 28 වන දින රත්නපුරය පොලිස් වසමේ කහන්ගම, බලිබත්ගොඩ, කළු ගඟ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කළු ගඟේ පතල් කැණීම් කරමින් සිටි රත්නපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ත් 35 ත් වයසේ පසුවන පුද්ගලයන් 07 දෙනෙකු සහ පතල් කැණීමි සදහා භාවිතා කරන උපකරණ ද සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුරය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇත.
මෙලෙස දිගු කලෙක පටන් සිදුවන නීතිවිරෝධී මැනික් ගැරීම නිසා කැළණි ගග සහ ආශ්‍රිත ස්වාභාවික පරිසරයෙ තුලනයට හා ජෛව විවිධත්වයට දැඩිහානි සිදුවන අතර විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම මෙම නිති විරෝධී අනවසර පතල් කපන්නන් අත්අඩංගුවට ගැනිම සිදුකර මෙම ව්‍යසනය නැවැත්වීමට ක්‍රියා කරමින් සිටි.
අත්අඩංගුවට ගත් භාණ්ඩවනුයේ මවුත් හතරක්, බෝට්ටු තුනක්, හොයිස්ටරයක්, කම්ප්‍රෙෂර් හතරක්,මවුත් බට අඩි 160ක්,
වයර් අඩි 600ක්,යකඩ ප්ලේට්එකක්.
හෙරොයින්, අයිස්, කේරළ ගංජා, සහ මත්පෙති යන මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරමේ යෙදී සිටි කුඩු රුජින පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ I හි පොලිස් පරීක්ෂක ඩී.එම්.එන්.එල්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ මූලස්ථාන කඳවුරේ යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (28) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 233/351/ඒ, හේනමුල්ල කඳවුර, මාදම්පිටිය පාර, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 610 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 මිලි ග්‍රෑම් 10 ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 03 ග්‍රෑම් 240 ක්, මත්පෙති (Pregabalin) 900 ක්, ඩිජිටල් තරාදි 02 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි සිටි මාදම්පිටිය පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69 ක් වන කුඩු රැජින ලෙස හදුන්වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් මිහිජය සෙවන මහල් නිවාස සංකීර්ණයේ හා එම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින චම්පා යන කාන්තාවගේ ප්‍රධාන සාමාජිකාවක් බවට තොරතුරු වාර් තා වී ඇත.
මෙරට තහනම් කරනු ලැබු වල්නාශක තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව එම විශේෂ කාර්ය බලකායේ හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි ඩබ්.සී.එස්. සිල්වා අතමහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස්පරීක්ෂක ඩී.එම්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (27 ) බණ්ඩාරවෙල පොලිස් වසමේ අංක 07, තරුණ බෞද්ධ ගොඩනැගිල්ල, ඇටම්පිටිය පාර, බණ්ඩාරවෙල ලිපිනයේ පිහිටි ඇග්‍රෝ කෙමිකල්ස් වෙළදසැල ඉදිරිපිට දී වැටලීම් සිදුකර ඇත.
එහි දී මෙරට තහනම් කරන ලැබු පළිබෝධනාශක සන්තකයේ තබාගෙන සිටි දිගනතැන්න, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 වයසේ පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඌව පළාත් කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක , බණ්ඩාරවෙල ශාඛාවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක (බලයලත් නිලධාරි) තුෂානී මුණසිංහ මහත්මිය සහ කෘෂිකර්ම උපදේශක ඊ.එම්. ශාලිය බණ්ඩාර යන මහතුන් වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ වනුයේ ANU 71 වර්ගයේ 100g, පැකට් 20 ක්, PRISON වර්ගයේ 10g පැකට් 60 ක්, BETONIS වර්ගයේ 10g පැකට් 116ක්, ACTARA වර්ගයේ 05g පැකට් 35 යි.
නාරාහේන්පිට ප්‍රදේශයේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමිල නැමැත්තාගේ නාරාහේන්පිට හා කොළඹ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලැබු ප්‍රධාන ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි උප පොලිස් පරීක්ෂක ඩි.ඩි.ඒ. ජයසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27) නාරාහේන්පිට පොලිස් වසමේ 300/ටි17, හත්බෝධිය වත්ත, කිරුළපන පාර, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනය පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්, කේරල ගංජා ග්‍රෑම් 100 ක්, හා ජාවාරමෙන් උපයා ගන්නා මුදලින් රුපියල් 18,000.00 ක් සන්තකයේ තබාගෙන සිටි නාරාහේන්පිට, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේ රැඳි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමිල නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන අතර මොහු විසින් නාරාහේන්පිට හා කොළඹ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තොරතුරු අනාවරණය වි ඇති බවත් මොහු පොලිස් ස්ථාන මගින්, මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් හා විශේෂ කාර්ය බලකායෙන්ද මිට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවටත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.
