28.1 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedඅලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතත්වය දැරීමට සුදුසු නොවේ-මාර්තු 12 ව්‍යාපාරය

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතත්වය දැරීමට සුදුසු නොවේ-මාර්තු 12 ව්‍යාපාරය

මේ සම්බන්ධයෙන් නිවේදනය නිකුත් කරන එහි කැඳවුම්කරු නීතිඥ රෝහණ හෙට්ටිආරච්චිමහතා කරුණු වැඩිදුරටත් මෙසේ පෙන්වාදෙයි. මහජන නියෝජිතයන් පිළිබඳ ශ්‍රී ලාංකේය පුරවැසියා තුළ ඇත්තේ එතරම් පහන් හැඟීමක් නොවේ. එකී දුර්වර්ණ චිත්‍රය තවත් අඳුරු කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, සමස්ත දේශය හමුවේ දූෂිත දේශපාලකයෙක් බව සාක්‍ෂි සහිතව තමන් විසින්ම සනාථ කොට ඇත්තේය.

ඔහු සිදුකරන ලද වංචාව නම් රුපියල් මිලියන 78.2 ක වටිනාකමින් යුත් රත්‍රං, රත්‍රං ආභරණ සහ නවීන ජංගම දුරකථන 91 ක් අප්‍රකාශිතව කටුනායක ගුවන් තොටුපළෙහි ප්‍රභූ පර්යන්තය භාවිත කරමින් මෙරටට රැගෙන ඒමට උත්සහ දැරීමයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට ගුවන්ගතව ඇති FZ547 දරන ගුවන් යානයෙන් පැමිණි අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියා කලාපය තුළ අවධානයට ලක්කළ යුතු මූලික කරුණු රැසකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments