28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට ඉන්දියාව ලබාදුන් දායකත්වය ගැන ඇමැති විජයදාස රාජපක්ෂ...

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට ඉන්දියාව ලබාදුන් දායකත්වය ගැන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්.

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ එක්ස්ප්රනස් පර්ල් නෞකාවේ ඇතිවෙමින් පැවති විනාශයේදී මෙරටින් සිදුකල ඉල්ලීම මත ඉන්දීය රජය විසින් නාවික හමුදාව යෙදවීමේදී ඔවුන්ට දරන්නට වූ වියදම ආපසු ලබාගැනීමට සිදු කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාාාත්‍ යය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිදුකල විශේෂ ප්‍රකාශය .

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ එක්ස්ප්ර්ස් පර්ල් නෞකාවේ ඇතිවෙමින් පැවති විනාශයේදී එය අවම කර ගැනීම සඳහා අපගේ නාවික හමුදාව මෙන්ම අපගේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාවේ සහය සාර්ථකව ලබාගැනීමට කටයුතු කළා.
ඉන්දීය රජයෙන් වන්දි මුදලක් ඉල්ලූ බවට මා කිසිම අවස්ථාවක ප්රීකාශ කර නැහැ නමුත් ඉන්දීය රජය විසින් නාවික හමුදාව යෙදවීමේදී ඔවුන්ට දරන්නට වූ වියදම ආපසු ලබාගැනීමට කටයුතු කරන්න කියා ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් අප්රේඔල් මස විසි වන දින ලිපි දෙකක් මඟින් අධිකරණ අමාත්ය වරයා ලෙස මා හටත් විදේශ කටයුතු අමාත්ය වරයාටත් දැනුම් තිබෙනවා.
ඒ අනුව ඉන්දියානු නාවික හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම වෙනුවෙන් වියදම් වූ මුදල් ඉන්දියානු රුපියල් මිලියන 400ක් සහ එක්ස්ප්රගස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් දරන ලද වියදම වූ ඉන්දියානු රුපියල් මිලියන 490ක් ඔවුන්ට ගෙවීමට සලස්වන ලෙස ඔවුන් අපට දන්වා තිබෙනවා. ඒ පිලිබඳව නීතිපතිතුමා වෙත උපදෙස් ලබාදී තිබෙනවා ඒ නැව් දෙක සම්බන්ධයෙන් වන නඩු මඟින් එම මුදල අයකරගෙන එය ඉන්දියාවට ගෙවීමට කටයුතු කරන්න කියල.
ඉන්දියානු මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරපු නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබුනේ වන්දි මුදලක් ශ්රීහ ලංකා රජයෙන් ඉල්ලා නොමැති බවත් නෞකා දෙකෙහි හානිය අවම කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාව විසින් දරන ලද වියදම ආපසු ලබාදෙන ලෙසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments