මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩි.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) නාරාහේන්පිට පොලිස් වසමේ අංක 341/A, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ලෙස රථ වාහන ලියාපදිංචි කිරීමේ සහතික, අදායම් බලපත්‍ර, හැඳුනුම්පත්, රක්ෂණ සහතික හා වාහන පවරාදීමේ ලේඛණ ආදී කූඨ ලේඛණ සකසන ස්ථානයක් සැකකරුවන් දෙදෙනෙකු සහ එක් සැකකාරියක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ සමග නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 70 හා 30 අතර පසුවන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර සැකකාරිය වයස අවුරුදු 42 ක රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.මෙම ව්‍යාජ කච්චේරිය මිටවසර දහයකට පෙරද මෙලෙසම ව්‍යාජ ලේඛණ සකස් කරන ස්ථානයක් බවට චෝදනා ලැබ තිබු අතර සාමවිනිසුරු,වෛද්‍ය ,ග්‍රාම සේවක නිලධාරීන් ගෙ සහ විවිධ කමිපැනි නාමයන් යටතේ සකසන ලද ව්‍යාජ නිළමුද්‍රා පමනක් එකසිය පනස් ගනනක් තිබු අතර වාහනයෙ සියලුම ලේඛණ මෙහි සකස් කරන අතර වාහනයේ ෆිනෑන්ස් ගෙවිමට ඇත්නම් එම ෆිනෑන්ස් කමිපැනිය සකස් කරන ලෙස ෆිනෑන්ස් සමිපුර්නයෙන් ගෙවා ඇති බවට කුට ලේඛණ සකස් කර තවත් පාර්ශ්වය කට මෙම වාහනය විකුනන අතර එය මිලිදි ගන්නා අය මෙහි ෆිනෑන්ස් ඇති බව නොදැන එය මිළදි ගනු ලබයි.ඉතාම සුක්ෂමව ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරන මෙම හොර කච්චේරිය පොලිස් විශේෂ කාර්ය බලකායෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා නිළධාරියා ගෙ සෘජු අධීක්ෂණය යටතෙ මෙම වැටලිම සිදුකර ඇත .
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල නීතිඥයින්ගේ සාමදාන විනිශ්‍යකරුවන්ගේ හා වෙනත් ව්‍යාජ රබර් මුද්‍රඑකක්, පරිඝණකයක්, ලැප්ටොප් 01ක්, ප්‍රින්ටර් දෙකක්, ස්කෑනරයක්,පවර් කේබල්පහක්,ඩේටා කේබල් දෙකක්, කීබෝඩ් එකක්, මවුස් දෙකක්, මෙමරි චිප් පහක්, ව්‍යාජ ලෙස සකසන ලද විවිධ ලිපි ලේඛණ ඇතුලත් ෆයිල් එකක්, ව්‍යාජ ලෙස සකසන ලද සේවා හැඳුනුම්පත් දෙකක්, ව්‍යාජ ලෙස සකසන ලද ජාතික හැඳුනුම්පත් දෙකක්,රක්ෂණ සහතික එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමල මුලස්ථාන පොලිස් ස්ථානය ට අනුයුක්ත පොලිස් කොස්තාපල් කේරළ ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වවිනියාව කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඒම්.කේ.බි.ඒස්.ඒන්. ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරි දයාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ වැඩ බලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (01) තඹලගමුව පොලිස් වසමේ 97 හංදිය අසල දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑම් 10 ක් සමග තඹලගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තඹලගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේදී මෙම සැකකරු ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්ථාපල්වරයෙකු බවටද තොරතුරු අණාවරණය වී ඇත.