යූරියා පොහොර මිටියක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්, බෙදාහරින්නන් නීතියේ රැහැනට හසුකරගන්නා ලෙස පාරිභෝගික අධිකාරියට උපදෙස් ….
යූරියා පොහොර මිටියක සඳහන් කර ඇති උපරිම මිල සීමාව ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන් හෝ බෙදාහරින්නන් අරඔයා වෙළෙඳපොළ වැටලීම් ක්‍රියාත්මක කරන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා (02) අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත් වීමට වසර ගණනාවක අසාර්ථක කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා තාක්ෂණික ක්‍රම හේතු වූ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගුවේ දත්ත මත පදනම්ව යූරියා මිටියක වෙළෙඳපොළ මිල සකසන ලෙසට හා ඔවුන්ගේ ගබඩා කර ඇති පෙහොර ප්‍රමාණයන් පිළිබද දත්ත රැස් කරන ලෙසත්, එම ගබඩා වලට ගොස් නිරීක්ෂණය කරන ලෙසත් අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.පසුව ඒ පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කිරීමට නියමිතයි.එම තොරතුරු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වෙළෙඳපොලේ යූරියා මිටියක විකුණුම් මිලට වඩා විශාල මුදලකට අලෙවි වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන් කරන ලදී.ඒ සඳහා හේතු වූයේ පසුගිය දිනයක පෙහොර නැව ලංකාවට ලඟා වීම ප්‍රමාද වීම වූ නිසා බවත් නමුත් එම නැව එළඹෙන සතිය තුළදී දිවයිනට ලගා වන බවත්,ඒ අනුව වෙළෙඳපොළ අවශ්‍යයතාවය සපුරා ලීමට ප්‍රමාණවත් තරම් යූරියා පොහොර ප්‍රමාණයක් පවතින බවට පොහොර ආනයනකරුවන් අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේය. එම පොහොර ප්‍රමාණයන් පිළිබදව ලිඛිත වාර්තාවක් ලබා දෙන ලෙසට අමාත්‍යවරයා ආනයනකරුවන්ට උපදෙස් ලබා දෙන ලදී.
යල කන්නයේ යූරියා පොහොර අවශ්‍යයතාවය මෙට්‍රික් ටොන් 80,000 ක් වන අතර මේ වන විට ඉන් 20,000ක් පමණ බෙදා හැර ඇති බව පොහොර ආනයනකරුවන් පවසා සිටින ලදී.මේ වන විට වෙළෙඳපොළ පොහොර ඉල්ලුමෙන් 60% පමණ අඩු වී ඇති බවද ඔවුන් පවසා සිටින ලදී.
මහ කන්නය සාර්ථක ලෙස ආරම්භ කිරීම වෙනුවෙන් පොහොර ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා සඳහන් කළ අතර, එම මිල කෙරෙහි රජයේ බලපෑම අනුව උපරිම මිල සීමාවක් පැනවීමටත්, ඒ පිළිබදව රජය හා පෞද්ගලික අංශය සමඟ නෛතික එකඟතාවයකට යොමු වීම යෝග්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
අඩු ජල භාවිතයක් සහිත හා අඩු පිරිවැයක් සහිත නව වී ප්‍රභේද කරා යොමු වීමට ඇති හැකියාව පිළිබදවද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පාරිභෝගික කටයතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් හා දිවයිනට පෙහොර ආනයනය කරන ප්‍රධාන සමාගම්හි නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.