22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්.සොයාගනී.

මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක සුලමුල එස්.ටී.එෆ්.සොයාගනී.

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය වන අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ අනුව එම කාර්ය බලකාය මොරටුව කඳවුරේ නිලධාරීන්ට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව කොළඹ කලාපය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අබයකෝන් මහතාගේ අධීක්ෂනය මත මොරටුව කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඕ.ජී.ඒ. උදයංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) මුල්ලේරියාව පොලිස් වසමේ ස්ථාන තුනක දී වැටලීම් 03 ක් වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරම් කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20, මිලි ග්‍රෑම් 88 ක් සන්තකයේ තබාගෙන සිටි මුල්ලේරියා හා වැල්ලම්පිටිය ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දිගු කලෙක පටන් යාපනය ප්‍රදේශයේ මත්පෙති ජාවාරමෙි යෙදුන කාන්තාවක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

දිගු කලෙක පටන් වව්නියාව ප්‍රදේශයේ කේ.ජී ජාවාරම් කල පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුව‌ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.කේ.බි.එස්.එන්. ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඊ.ඒ.එම්. දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ආර්.ටි.ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (07) වව්නියාව පොලිස් වසමේ කොක්එලිය, මහරම්බකුලම් ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දීර්ඝ කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරම් කල පුද්ගලයකු කේරළ ගංජා කිලෝ 01, ග්‍රෑම් 600 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 90,000.00 සන්තකයේ තබාගෙන සිටි වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩි.පි.යු. කොඩිකුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (06) තෙලිප්පලේ පොලිස් වසමේ කෝනපුලමි කදවුර, මල්ලාකමි ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත. නීති විරෝධී Pregalin වර්ගයේ මත්පෙති 31ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි මල්ලාකමි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තෙලිප්පලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments