විද්වත් මණ්ඩලවල පුලුල් ලෙස සාකච්ඡා කර ගතයුතු රටට සහ ජනතාවට බෙහෙවින් බලපාන්නා වූ තීරණ එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙක් විසින් ක්ෂණිකව ගැනිම නිසා රට ප්‍රශ්න රැසකට මුහුණ දුන් බවද ඒ මහතා කීවේය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත් කළ ඉකුත් 2022 වසරේ ලංකාවේ ඇතිවු අරාජිකත්වය පිළිබඳ සොයා බැලිමේ ස්වාධීන පරීක්ෂණ කොමෂන් සභාව හමුවේ ඉකුත් දා (02) සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්පර්ඩිනැන්ඩු මහතා මේ බව පැවැසීය.
වීශ්‍රාමික දිසා විනිසුරු පර්ල් කරල්ලියද්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු මෙම කොම්ෂමේ සාක්ෂි විමසීම ඉකුත් මාර්තු මාසයේ දී ඇරඹුණ අතර ගරුතර නායක ස්වාමින් වහන්සේලා සමාජ ක්‍රියාකාරින්,දේශපාලන නායකයන්,මාධ්‍යවේදී ඇතුළු බොහෝ දෙනෙක් මේ වන විටත් සාක්ෂි දීම සදහා ඉදිරිපත්ව ඇති බව කොමිෂමේ ලේකම් ආචාර්ය දුලීප් පලිහවඩන මහතා පවසයි.
රට අරාජිකත්වයට හේතු වූ 2009 යුද්ධය අවසන් වීමෙන් පසු මෙරට සිදු වූ ක්‍රි යාදාමය පුදුම සහගත බව කිශමීන්ද්ර2 පර්නැන්ඩු මහතා යුධ අපරාධ චෝදනාවලින් අපේ හමුදා නායකයින් ඇතුලු රට නිදහස් කර ගැනීමට එදා සිට මේ දක්වා සිටි කිසිදු පාලකයෙකුට අවශ්යිතාවයක් නොතිබු බවද පැවසීය.
2009 මෙරට ද්රවවිඩ සමූහ ඝාතනයක් සිදු නොවූ බවට කැනඩා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වී තිබූ බවද එම යෝජනාව ජාත්යයන්තරයටගෙනගියා නම් අපට එම චෝදනාවෙන් නිදහස් වීමට හැකියාව තිබූ බවද ඒ මහතා කීවේය.
මෙවැනි දේවල් දෙස බලන විට රට පාලනය කරන පිරිස් රටට එරෙහිව ක්‍රි.යා කරනනේ දැයි සිතෙන බවද ඒ මහතා පැවසීය.
පසුගිය වසර වන විට මෙරට අය කරගත යුතු වූ රුපියල් බිලියන 904 ක බදු මුදල් එකතු කර නොමැති බවද මේ පීළිබද අදාළ පාර්ලිමේන්තු තේරිමි කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතාගේන් විමසු විට ඔහු කියා සිටියේ 2013 දි ලබාදුන් නිරිදේශ 2023 දක්වාම ක්රීහයාත්මක වී ඇති බව යැයිද කී ශමීන්ද්රනපර්ඩිනැන්ඩුමහතා මෙලෙස රටක් ඉදිරියට යැමට නොහැකි බවද කීවේය.
නිති සම්පාදනය සහ මූල්‍ය පරිපාලනය පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් දෙක වුවද එම වගකීම් දෙක සම්බධයෙන් පාර්ලිමේන්තුව ක්‍රියා කර ඇත්තේ සහ ක්‍රි කරන්නේ ඉතාමත් වගකීම් විරහිත ආකාරයට බවද ශමීන්ද්‍ර පර්ඩිනැන්ඩු මහතාකීවේය.
දේශපාලඥ්යකයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුග්‍රහය සහ දායකත්වය ඇතිව මෙරට වංචා දූෂණ රැසක් සිදුවූ බවද තාවමත් සිදු වෙමින් පවතින බවද ඒ මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් මෑතකදි සිදුවු හොදම උදාහරණය පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් සිදු කළ රත්‍රං ජාවාරම බවද මෙම වංචාව සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ වරප්ර සාද කමිටුව ක්‍රියාත්මක විය යුතු වුවත් එසේ සිදු නොවු බව කීය.එම මන්ත්‍රීවරයා එරෙහිව කතානායකවරයා ක්‍රියාත්මක විය යුතු බවට මන්ත්‍රීවරුන් වරප්‍රසාද කමිටුවට යොජනා කළ යුතු වුවද එසේ නොවූ බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබ්රි මන්ත්රීවරයාටපාර්ලිමේන්තුවතහනම් කළ යුතු බවටකතානායකවරයාටයොජනා කළද කතානායකවරයා පැවසුවේ ඒ සදහා ඔහුට බලයක් නොමැති බවයි යැයි ද ශමීන්ද්‍ර පර්නැන්ඩු මහතා පැවසීය.
ඒ අනුව අතිශය බරපතල විනිමය වංචාවකට සම්බන්ධ එම මන්ත්රි්වරයා රුපියල් ලක්ෂ75ක දඩයක් ගෙවා එදින්ම පාර්ලිමේන්තුවට ගොස් ඡන්දය ද ප්රදකාශ කීරීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවන බවයි යැයි ද ශමීන්ද්‍ර පර්නැන්ඩු මහතා කීවේය.
මන්ත්‍රී අලි සබ්රි රහීම් මෙහෙය වූ රත්‍රරං ජාවාරම සම්බන්දයෙන් විමර්ශනයක් කීරීමට පොලිසියට හෝ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් නොමැති බව එම ආයතනවල මේ සම්බන්ධයෙන් ක්‍රියා පිළිවෙත දෙස බලන විට පෙනී යන බවද කීවේය.
මෙම සිද්ධියේ උණුසුම මැකී යන්නවත් පෙර එම මන්ත්‍රීවරයා ඩුබායි දේශයට ගුවන් ගත වීම ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුව සමච්චල් කීරීමකි.