දකුණු පළාත භීතියට පත් කල වෙඩි තැබිමි රුසක් සිදුකල පාතාල කල්ලි සාමාජික වලස්ගල සුපුන් බුද්ධික යන අය පසුගිය 13 වන දින දෙමටපිටිය කුමාරතුංග මාවතේ දී සිදුකරනු ලැබු වෙඩි තැබීම සඳහා පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකරන ලද කාර් රථය සහ ගිනි අවිය පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ් අනුව එම කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජි.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) දික්වැල්ල පොලිස් වසමේ අංක 323, කිරිනෙලිආර, නෙළුම්වැව, රත්මලේ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දකුණු පළාත භීෂනයට පත් කරමින් වෙඩි තැබිමි රැසක් සිදුකල පාතාල කල්ලි සාමාජික වලස් ගල සුපුන් නැමැත්තා ව ඉකුත් (13) දික්වැල්ල පොලිස් වසමේ දෙමටපිටිය කුමාරතුංග මාවතේ දී T56 ගිනි අවියක් යොදාගනිමින් සිදුකරන ලද වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකරන ලද කාර් රථය මෙරට නිශ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් ද සමඟ සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද ඉකුත් අප්‍රේල් (27) දික්වැල්ල – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ දෙමටපිටිය හන්දියේ දී “බවානි” දෙමටපිටිය, වලස්ගල ලිපිනයේ පදිංචි මිරිස්ස ගජමන්ගේ උපුල් වීරසිංහ යන අය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකරන ලද අතර, එම වෙඩි තැබීම ද වලස්ගල සුපුන් බුද්ධික යන අයගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවටද විමර්ශනයන් වලදී තොරතුරු අනාවරණය වී ඇත.
මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 02 ක් සන්තකයේ තබාගෙන අපරාදයක් සදහා සැරසෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මොණරාගල කලාපය බාර පොලිස් අධිකාරී ඒ.එස්.පී. ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.ජී.ඒ. නිශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15) මඩොල්සිම හා පස්සර පොලිස් වසම් දෙකේ ස්ථාන දෙකකදී වැටලීම් 02 ක් සිදුකර ඇත.
එහි දී යම් අපරාධමය කටයුත්තක් සදහා සැරසුනු මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 02 ක් සන්තකයේ තබාගෙන සිටි පස්සර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩොල්සිම හා පස්සර පොලිස් ස්ථාන වෙත භාර දී ඇත
අයිස් මත්ද්‍රව්‍ය,කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි යුධ හමුදා සේවයෙන් පහකල පුද්ගලයකු යුධ හමුදා නිල ඇඳුම් කොටස් සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්පාර ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ගිහාන් ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන් සහ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එච්.එම්.එස්.ඩී. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (14) පොළොන්නරුව පොලිස් වසමේ 04 ඇල, පොළොන්නරුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා සහ නීති විරෝධී ලෙස යුධ හමුදා නිළ ඇදුම් කොටස් සන්තකයේ තබාගෙන සිටි 04 ඇල, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු යුධ හමුදා සේවයෙන් පහ කරන ලද පුද්ගලයෙකු බවට තොරතුරු අනාරවරණය වී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 580ක්, කේරළ ගංජා මිලි ග්‍රෑම් 1,120ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 310,000.00ක්, ජංගම දුරකථනයක්, සිම්පත් 04ක්, යුධ හමුදා කැළෑ කමිසයක්, යුධ හමුදා කැළෑ කලිසමක්, කළු පැහැති යුධ හමුදා කලිසම්4ක්, කළු පැහැති යුධ හමුදා කමිස 04ක්,නිල් පැහැති සී.එස්.සී. රෙජිමේන්තු ලාංඡනය සහිත බෙරස්එකක්, සී.එස්.සී. ලාංඡනය සහිත ලෙදර් බෙල්ට් එකක්, කොළ පැහැති කැප් දෙකක්, බූට් ජෝඩුවක්, යුධ හමුදා සේවා බලකායේ සේනා විධායක විසින් නිකුත්කර ඇති නිල හැදුනුම්පතක් සැකකර ළඟ තිබි අත්අඩංගුවට ගෙන තිබේ.