රටේ වැඩිවශයෙන් ව්‍යවසායකයින් බිහිකිරීමට රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් අවධානය යොමු කළ යුතුයි – කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම
රටේ කර්මාන්ත දියුණුවට අවශ්‍ය යෝජනා දැනටමත් රජයට ලබාදී තිබෙනවා -සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සභාපති ජයන්ත ගාල්ලහේවා
ඒ් මහත්වරුන් මේ බව පැවසුවේ සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) අතර අවබෝධතා ගිවිසුම, සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගී දායකත්වයෙන් දේශීය කර්මාන්ත නඟා සිටුවීම සඳහා ගෝලීය වශයෙන් පිළිගත් දේශීය සැපයුම් දාම රාමුවක් සංවර්ධනය කිරීමේ අරමුණ සඳහා ගිවිසුම් ගතවිමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
නිෂ්පාදනයක් නිර්මාණය කිරීම සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ සිට නිෂ්පාදනය දක්වා වන ගලායාම, ක්‍රම කාර්යය සම්පාදනය සහ අවසාන පාරිභෝගිකයා වෙත බෙදා හැරීම දක්වා වන ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීම සැපයුම් දාම කළමනාකරණය (SCM) වේ. වෙනත් ලෙස පැවසුවොත්, එය භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධ භාණ්ඩ, දත්ත සහ මූල්‍ය ප්‍රවාහය, එහි මූලාරම්භයේ (ස්වභාවධර්මයේ) සිට ගමනාන්තයට භාණ්ඩය බෙදා හැරීම දක්වා කළමනාකරණය කිරීමයි. ඉල්ලුම සැලසුම් කිරීම, ප්‍රභවයන්, නිෂ්පාදනය, තොග කළමනාකරණය සහ ගබඩා කිරීම, ප්‍රවාහනය හෝ ක්‍රම කාර්යය සම්පාදනය සහ අතිරික්ත හෝ දෝෂ සහිත නිෂ්පාදන ආපසු ලබා දීම පුළුල් ලෙස ඇතුළත් වන ක්‍රියාකාරකම්වල ද්‍රව්‍ය, තොරතුරු සහ මූල්‍ය ප්‍රාග්ධනය චලනය කළමනාකරණය කිරීමට අවශ්‍ය ක්‍රියාවලීන් ඒකාබද්ධ සැලසුම් කිරීම සහ ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම SCM හි සමන්විත වේ.
මෙම අවබෝධතා ගිවිසුමට අනුව, ISMM විසින් මූලික ප්‍රතිලාභ භූමිකා 03 ක් යටතේ ක්‍රියාත්මක විය යුතු වේ .
ඒ් අනුව සැපයුම් දාම කළමනාකරණය (SCM) හි සංකල්ප පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම,සකසුරුවම් කළමනාකරණ දර්ශන මත පදනම් වූ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම,කර්මාන්ත ශ්‍රේණිගත කිරීම සඳහා දළ යෝග්‍යතා රාමුව සඳහා නිර්ණායක සකස් කිරීම.
පළමු ප්‍රතිලාභ ලබාදීම යටතේ, සැපයුම් දාම කළමනාකරණය (SCM) හි සංකල්ප පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 02 ක් පැවැත්වීම – පළමු වැඩසටහන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා සහ දෙවන වැඩසටහන අනෙකුත් සියලුම කර්මාන්ත සේවකයින් සඳහා එක්දින වැඩමුළුවක් ලෙස 2023 ජූලි මාසයේදී පැවැත්වීමට දැනටමත් සැලසුම් කර ඇත.
දෙවන ප්‍රතිලාභ ලබාදීම යටතේ, සකසුරුවම් කළමනාකරණ දර්ශන මත පදනම් වූ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම – මෙම පුහුණු වැඩසටහන් 2023 අගෝස්තු මාසයේ සිට වසර පුරා IDB විසින් පහසුකම් සපයන පරිදි හඳුනාගත් කර්මාන්ත සඳහා “උපදේශන වැඩසටහන්, වැඩමුළු ආදී” ලෙස ISMM ආයතනය විසින් පවත්වනු ලැබේ.
තෙවන ප්‍රතිලාභ ලබාදීම යටතේ, කර්මාන්ත ශ්‍රේණිගත කිරීම සඳහා දළ යෝග්‍යතා රාමුව සඳහා නිර්ණායක සකස් කිරීම – ISMM, IDB සමඟ සම්බන්ධ වී සමස්ත සැපයුම් දාමයේ ක්‍රියාවලි ක්‍රියාකාරකම් ප්‍රශස්ත කිරීම මගින් තිරසාර වර්ධනයක් කරා ලගාවීමට IDB වර්ගකිරීම යටතේ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ විශාල සියලුම නිෂ්පාදන කර්මාන්ත පෙළඹවීම, දිරිගැන්වීම සහ සංවර්ධනය කිරීමේ අරමුණු සහිතව ක්ෂණික ක්‍රියාමාර්ග ආරම්භ කරනු ඇත. නිෂ්පාදන ක්‍රියාවලියේ තිරසාර සංවර්ධනය සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට හැකි වන සියලුම මෙහෙයුම් අංගයන් සංවර්ධනය කිරීමේ ප්‍රධාන වර්ගකිරීම ලෙස සැලකේ. “ජාතික සැපයුම් දාම දිනය” (ISMM සංවත්සර දිනය) වන ලබන ඔක්තෝම්බර් 24 වන දින කර්මාන්ත ශ්‍රේණිගත කිරීමේ අවසාන සංස්කරණ ISMMසහ IDB ඒකාබද්ධව ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් “කර්මාන්ත 2023” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය, “අපනයන-නැඹුරු නිෂ්පාදන ආර්ථිකය කරා” යන තේමාවෙන් සංවිධානය කර ඇති අතර එය ශ්‍රී ලංකාව තුල කාර්මික අංශය විසින් පවත්වන විශාලතම ප්‍රදර්ශනය වේ. මෙම ප්‍රදර්ශනය මෙම 22 සිට ජුනි 25 දක්වා BMICH හිදී පැවැත්වීමට නියමිතය.මෙම ප්‍රදර්ශනය මගින් යන්ත්‍රෝපකරණ, තාක්‍ෂණය, අමුද්‍රව්‍ය සහ ව්‍යාපාර සංවර්ධන සේවාවන්හි නවෝත්පාදන සහ දේශීය කර්මාන්තයේ විශිෂ්ටත්වය විභව දේශීය/ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රදර්ශනය කරන අතර වඩාත් වැදගත් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු නිවැරදි පාර්ශ්වකරුවන් සමඟ සහ රජයේ අනෙකුත් ආධාරක සේවා සමග සබඳතා ඇති කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරයි. ISMM ආයතනය IDB සමග වෘත්තීය හවුල්කරුවා වශයෙන් දේශීය කර්මාන්තවල සැපයුම් දාම කළමනාකරණයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා “කර්මාන්ත 2023” ප්‍රදර්ශනය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.
