අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය මන්නාරම කදවුරේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ආර්.එම්. සුමනවර්ධන මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත මන්නාරම කඳවුරේ ස්ථාපිත උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ කණ්ඩභාර නිලධාරී පොලිස් පරීක්ෂක ජේ.ඒ.ජී.එම්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) සෙට්ටිකුලම පොලිස් වසමේ ක්‍රිස්තවකුලම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 220 ක් සහ ජංගම දුරකථන 01 ක් සන්තකයේ තබාගෙන සිටි සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සෙට්ටිකුලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නීතියට වෙටිටු දමමින් වෙටිට සුරංග සහ අශාන් නමින් මත්ද්‍රව්‍ය ජාලය තුල ප්‍රසිද්ධ සැකකරුවන් දෙදෙනෙකු බන්ඩාරනායකපුර සහ රාජගිරිය ප්‍රදේශවල පාසල් ළමුන් ඉලක්ක කර හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක කේ.අයි.එස්.ඩී. කාරියවසම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පිහිනුම් තටාක සංකීර්ණය ඉදිරිපිට ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ වැටලීමක් සිදුකර ඇත.
එහි දී දිගු කලෙක පටන් බණ්ඩාරනායකපුර, රාජගිරිය අවට ප්‍රදේශයේ තරුණයින් හා පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 630 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 580 ක් සන්තකයේ තබාගෙන ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් ජාවාරමෙි යෙදී සිටි රාජගිරිය සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ත් 24 ත් අතර වයසේ පසුවන (වෙට්ට සුරංග සහ අශාන්) යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.