22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsමිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දම්න් පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් ,විෂ මත්ද්‍රව්‍ය ජාවරමුන්, ගිණි...

මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දම්න් පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් ,විෂ මත්ද්‍රව්‍ය ජාවරමුන්, ගිණි අවි එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

වීරකැටිය,යගස්මුල්ල ප්‍රදේශයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දම්න් පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ් අනුව එම කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ වැඩ බලන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) වීරකැටිය පොලිස් වසමේ වීරකැටිය, යගස්මුල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැති මී ගවමස් හා මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දම්න් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා මී ගවමස් කිලෝ 100 ක්, ත්‍රී රෝද රථයක් සහ ඝාතනය කිරීම සදහා සුදානම් කර සිටි මී දෙනුන් දෙදෙනෙකු සමග හක්මන සහ වීරකැටිය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 53 – 58 වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරු කේරළ ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එම්.එන්. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) කෑගල්ල පොලිස් වසමේ හබුදුගල මාර්ගයේ සිසිලගම බුදු මැදුර අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සඳහා කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 100ක් හා ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි හාබුදුගල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෑගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරු කේරළ ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එල්.එම්.එන්. විජේසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) කෑගල්ල පොලිස් වසමේ හබුදුගල මාර්ගයේ සිසිලගම බුදු මැදුර අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සඳහා කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 100ක් හා ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි හාබුදුගල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෑගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

එස්.ටී.එෆ්. වෙඩි පහරින් ඇඹිලිපිටියේ දී මියගිය පාතාලය හෙල්ලු ගනිදු සදුමින මිනුවන්ගොඩ දී වෙඩි තැබීමට භාවිතා කල T56 ගිනි අවිය විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මිණුවන්ගොඩ පොලිස් වසමේ අංක 613/8/ඒ, ගොල්ඩන් සිටි වත්ත, නිල්පනාගොඩ, වෑගොව්ව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු වන මනික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් සහ අවිශ්ක යන පුද්ගලයන්ගේ සමීපතමයෙකු වන වයස අවුරුදු 28 ක කටුවල්ලේගම පදිංචි සුදේශ් මධුශාන් නැමැති පුද්ගලයෙකු T56 වර්ගයේ ගිනි අවියක්, ඒ සඳහා යොදන උණ්ඩ 03 ක් සහිත උණ්ඩ ගැබ් එකක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම T56 ගිනි අවිය ඉකුත් (24) විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ගනිදු සදුමින විසින් 2023.06.17 වන දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සඳහා භාවිතා කරන ලද බවට තොරතුරු අනාවරණය වී ඇත. එම වෙඩි තැබීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා වන ශ්‍රියන්ත සමන් කුමාර නොහොත් මාමා නැමැත්තා පසුගිය දා පිස්තෝල අවියක් හා හෙරොයින් සමග (20) කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම T56 ගිනි අවිය බස්නාහිර හා දකුණු පලාත් වල සිදු වූ ඇතැම් වෙඩි තැබීම් වලදී භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගිනි අවිය ඇතුළු භාණ්ඩ හා සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.

නීති විරෝධීව තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලැබු විවිධ වර්ගයේ දුමිවැටි 3,500 ක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලතුංග මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක එම්.බ්.එම්.ජේ.එස්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) රත්ගම පොලිස් වසමේ බූස්ස දැව සංස්ථාව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධීව තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විවිධ වර්ගයේ දුමිවැටි 3,500 ක් සන්තකයේ තබාගෙන සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments