අලි මිනිස් ගැටුම විසඳීමට ප්‍රායෝගික විසඳුමක් ලබාදුන් කාලයක් ලෙස මෙම කාලය සනිටුහන් කරගැනීමට කටයුතු කළයුතු යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
අලි මිනිස් ගැටුමට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා වූ අරමුණෙන් (26) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී ඒ් මහත්මිය මේ බව පැවසුවාය.
වන අලි, මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුමක් යෝජනා කරන ලෙස එහිදී අමාත්‍යවරිය පැමිණ සිටි අමාත්‍ය උපදේශක කමිටු නිලධාරීන්ට හා අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දෙන ලදී.
දීර්ඝ කාලයක සිට නොවිසඳුනු ගැටලුවක් බවට පත්වූ අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා වූ පුළුල් විද්වත් සාකච්ඡාවක අවශ්‍යතාවද එහිදී ඇය පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, අධ්‍යක්ෂ මෙහෙයුම් රංජන් මාරසිංහ, අධ්‍යක්ෂ ව්‍යාපෘති මංජුල අමරරත්න,අධ්‍යක්ෂ සෞඛ්‍ය වෛද්‍ය ජී.ඒ. තාරක ප්‍රසාද්, යූ.එල් තව්ෆික්, උපදේශන කමිටු සාමාජිකයන් වන දිල්රුවන් රාජපක්ෂ, චන්දන පෙරේරා, මහේෂ් බණ්ඩාර, ජී. මනිලාල්, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති භාෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරිහු පිරිසක් රැස්ව සිටියහ.