විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එච්.ඩි. වත්තේගෙදර මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පුගොඩ කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඒ.සී.කේ. මාරපන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දෙහිඕවිට පොලිස් වසමේ යෝගම, දෙහිඕවිට යන ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රුසියාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතොරම් තුවක්කුවක් සහ එම උණ්ඩ 02 ක් හා හිස් කොපු 06 ක් සන්තකයේ තබාගෙන සිටි දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඕවිට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයට අවශ්‍යව සිටින දැනට විදෙස් ගතව අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනැටියන මහේෂ් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් හා පාතාල ක්‍රියාකාරකම් සිදු කරනු ලබන ප්‍රධානතම ගෝලයන් දෙදෙනෙකු හෙරෝයින් සමගපොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) මිනුවන්ගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපි දී වැටලීමක් සිදුකර ඇත.
මිනුවන්ගොඩ පොලිස් වසමේ (17)බොරගොඩවත්ත ඔස්ටින් හංදිය අසල දී වෙඩිතබා මනුශ්‍ය ඝාතනයක් සිදු කිරීම හා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම සිදුවීමට අදාලව එම ඝාතනය සඳහා යොදාගත් අවිය ලඟතබා ගැනීම, අවිය ප්‍රවාහනය, වෙඩික්කරුවන්ට නවතැන් ලබා දීම, වෙඩි තැබිමෙන් පසු වෙඩික්කරුවන් ප්‍රවාහනය කිරීම, වෙඩික්කරුවන්ට සැඟවීමට අධාර අනුබල ලබා දීම හා මනුශ්‍ය ඝාතනයක් සඳහා අධාර අනුබල ලබා දීම යන වරදට හා හෙරොයින් හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 700 ක් සන්තකයේ තබාගෙන සිටි කොටුගොඩ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකු හා හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 500 ක් සමග නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇත.
වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හීනැටියන මහේෂෙ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම් හා පාතාල ක්‍රියාකාරකම් සිදු කරනු ලබන ප්‍රධානතම ගෝලයින් දෙදෙනෙකු බවත් හීනැටියන මහේෂ් යන අය සමග එක්ව මෙම පුද්ගලයින් දෙදෙනා මෙම වෙඩි තැබීම සැලසුම්කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු වන පරිප්පුවාගේ ගෝලයෙකු ත්‍රිරෝද රථයක් පැහැරගෙන යමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොළඹ කලාපය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අභේකෝන් මහතාගේ අධීක්ෂනය මත ජයවර්ධනපුර කඳවුරේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ උප පොලිස් පරීක්ෂක එමි.ඩී.වී.ඩී. ජයවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) වැල්ලම්පිටිය පොලිස් වසමේ ජයා මාවත, කටුපැලැල්ල, වැල්ලමිපිටිය මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දෙමටගොඩ චමින්ද යන අපරාධකරුගේ ගෝලයකු වන මානවඩුගේ අසංක මදුරංග නොහොත් පරිප්පුවා යන අපරාධකරුගේ කණ්ඩායමේ සාමාජිකයකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 25 ක් වන පුද්ගලයෙකු මරණ බිය ඇතිකරවමින් ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාම යන වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ත්‍රිරෝද රථයක් (SG QQ 8403),ප්ලාස්ටික් මිට සහිත පිහියක්, ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබේ.